ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම් දීමක් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය පවසා සිටී. කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනුවත්දැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
එමෙන්ම හෙට දිනයේදී මේ පිළිබඳව ප්‍රකාශයක් කරන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටී.