මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුලත් කරගැනීමට තීරණය කර ඇති බව සඳහන් වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.
නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. ඒ අනුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම අදාළ සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා මෙම ඇතුළත් කරගැනීම සිදුකරගැනීමට තීරණය කර ඇතැයිද සඳහන් වේ.