topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධනපති පාලකයින්ට අතපාන දේශපාලනය වෙනුවට ජනතාවගේ ආණ්ඩුවක් වෙනුවෙන් පෙළ ගැසෙමු – ටිල්වින් සිල්වා

Tilvin_Silva_May_Day_2018

ධනපති පාලකයින්ට අතපාන දේශපාලනය වෙනුවට ජනතාවගේ ආණ්ඩුවක් වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, ඊයේ ජවිපෙ රතු මැයි රැළිය හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

අපි මැයි දිනය සමරන කොට මේ රට පාලනය කරපු, පාලනය කරන ධනපති දේශපාලන පක්ෂ කොළඹ අත්හැරලා ගම්වලට පලා ගිහින්. වැඩකරන ජනතාවගේ ශක්තිය ධෛර්ය පෙන්නලා, කොළඹ පවත්වන සටන්කාමීම සැබෑ වමේ මැයි රැළිය පවත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ මැයි දිනය පවත්වන මොහොතේ විශේෂතා රැසක් තියෙනවා. වමේ ව්‍යාපාරයේ නායකයෙක් වන කාල් මාක්ස් ඉපදිලා වසර 200ක් ගතවෙන මොහොතක්. අපේ දේශපාලනයට මඟ පෙන්වන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය ලියවිලා වසර 170ක් ගතවෙනවා. ලෝකයේ තවදුරටත් ධනවාදය තුළ ඉදිරියට යන්න බැහැ කියලා ඔප්පුකරමින් තිබෙන මොහොතක්. ඒ වගේම ආණ්ඩුව මේ වසරේ මැයි දිනය 7වෙනිදාට කල් දැම්මා. නමුත් අපිට පළවෙනිදට යෙදෙන මැයි දිනය අත්හරින්න බැහැ. එනිසා අපි මැයි පළවෙනිදා උතුරේ සහෝදරත්වය සොයාගෙන ජාතික සමගිය හදන්න ඕන වෙලාවක යාපනයට ගිහිල්ලා සාර්ථක මැයි දිනයක් පැවැත්වුවා. ජවිපෙ කියන්නේ වගකීමෙන් දේශපාලනය කරන ව්‍යාපාරයක්. පළවෙනිදා වෙනකොට කොළඹ වෙසක් උත්සවයක් තිබුණා. ඒවගේ වෙලාවක කොළඹට විශාල පිරිසක් ගෙනල්ලා දැවැන්ත මැයි රැළියක් කරන එක අසීරු කාර්යක්. එනිසා අපි 7වෙනිදා කොළඹදී මැයි රැළිය පවත්වන්න තීරණය කළා.

මැයි දිනය සමරන මේ මොහොතේ ධනවාදයට වසර 500ක් ගතවෙලා තිබෙනවා. ඒ කාලය තුළ ධනවාදය ඔප්පු කරලා තියෙනවා ජනතාවට ගේන්න පුළුවන් මරණය, ලෙඩදුක්, වසංගතය, විරැුකියාව, දුක, වේදනාව, කඳුල මිස ජීවිතය නෙවෙයි කියලා. ජනතාවට සතුට, සිනහව දෙන්න බැහැ කියල ඔප්පු කරල තියෙනවා. උපදින දරුවන්ට අධ්‍යාපනය, තරුණ තරුණියන්ට රැකියාවක්, ගොවියට ඉඩම්, ජනතාවගේ දහඩිය මහන්සියට හරියන වැටුපක් දෙන්න බැහැ කියල ධනවාදය ඔප්පු කරල තියෙනවා. අපිට හොඳ සෞඛ්‍ය සේවයක්, ප‍්‍රවාහන සේවයක්, මිනිහෙක් විදිහට ජීවත්වෙන්න ඕනෑ අවම දේවල් ටිකවත් දෙන්න ධනවාදයට බැහැ. තවදුරටත් එය අත්හදා බලන්න දෙයක් නැහැ. ලංකාවෙත් දැන් අවුරුදු 70ක් තිස්සේ ඒක ඔප්පු කරමින් තියෙනවා. ලෙනින් කියපු විදිහට ධනවාදය කුණුවෙලා දුඟඳ හමන මළ කුණක් බවට පත්වෙලා. අපි කවුරුත් දැන් සූදානම් විය යුත්තේ මෙම මළකුණ වළලලා සියලූ දෙනාට සාධාරණ ජීවත් විය හැකි සතුට සිනහව තිබෙන සෑම දෙනාටම අයිතිවාසිකම් ලබාදිය හැකි නව සමාජවාදී සමාජයක් ගොඩනඟන්නයි.

ධනවාදයේ අර්බුදය නිසා අද ඇමෙරිකාව ලොව පුරා යුද බිය වපුරනවා. සමාජවාදී රටවල්වලට යුද්ධය ප‍්‍රකාශ කරනවා. චීනය, උතුරු කොරියාව, කියුබාව එක්ක ගැටෙනවා. අනෙක් පැත්තෙන් මැදපෙරදිග තෙල් සම්පත වෙනුවෙන් ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. සිරියාවට පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. මෙම අධිරාජ්‍යවාදී ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තිය පරාජය කළ යුතුව තිබෙනවා. මේ මැයි දින වේදිකාවේ ඉඳලා අපි අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තිය හෙලා දකිනවා. ලෝකය එවැනි තත්වයක තිබෙන වෙලාවක අපිට සමාජවාදයේ අරුනළු පේන්න පටන් අරගෙන තිබෙනවා. නේපාලයේ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය එරට වමේ ආණ්ඩුවක් හදන්න සමත්වෙලා තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කමිටුවේ සහෝදරයන් දෙදෙනෙක් ජවිපෙට සුබ පතන්න ඇවිත් තිබෙනවා. වැනිසියුලාවේ චාවේස්ගේ පක්ෂය ඇමරිකාවේ කුමන්ත‍්‍රණ පරාජය කරමින් තවදුරටත් එරට පාලන බලය හොබවනවා. උතුරු කොරියාවේ සමාජවාදී පාලනය හුදකලා කරලා විනාශ කරන්න උත්සාහ කරමින් තිබුණත් උතුරු කොරියානු ජනතාව අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නැමුවේ නැහැ. ඔවුන් සමත්වෙලා තිබෙනවා උතුරු-දකුණු කොරියානු ජනතාව අතර සංවාදයක් හදන්න. දකුණු කොරියානු නායකයින්ට උතුරු කොරියාවේ සමාජවාදී නායකයන් පිළිගන්න සිදුවෙලා තිබෙනවා. එනිසා මේ වෙලාව ප‍්‍රගතිශීලී සමාජවාදී ව්‍යාපාර ලොව පුරා ජයග‍්‍රහණ ලබාගන්නා මොහොතක්.

මේ වෙලාව ලංකාවටත් වෙන අත්හදා බැලීම් නැහැ. තට්ටු මාරු දේශපාලන වෙනස් කරලා රට හදන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒ ජනතාවාදී පාලනය ගොඩනැඟීම සඳහා දැවැන්තම ජනතා බලය නිර්මාණය කළ යුතුව තිබෙනවා. අද අපේ රටේ අර්බුද ගොඩයි. ලෙනින් කිව්වා සමාජ පරිවර්ථනයකට සැපිරිය යුතු කොන්දේසි ගණනාවක් තිබෙනවා කියලා. වැඩකරන ජනතාව අර්බුදයට ගියාට පමණක් මදි පාලකයිනුත් අර්බුදයට යන්න ඕනෑ කියලා ඔහු කීවා. අර්බුදය තුන් හතර පැත්තෙන්ම ඇවිත් තියෙන්නේ. වැඩකරන ජනතාව, ගොවිජනතාව ඇතුළු සියලූ දෙනාට තවදුරටත් මේ අර්බුදය මැද්දේ ජීවත්වෙන්න බැහැ කියලා තදින්ම දැනෙමින් තිබෙනවා. පාලක පන්තියට තවදුරටත් මේ විදිහට පාලනය කරන්න බැහැ කියලා දිනපතා ඔප්පු කරමින් තිබෙනවා. අද අපේ රටේ ආණ්ඩුවක් නැහැ. රට දේශපාලන, සමාජ, සංස්කෘතික ක්ෂේත‍්‍රයන්ගෙන් ගොඩ ගන්න බැරි තත්ත්වයක තිබෙන්නේ. අපේ රටේ ධනවාදය තුළ නිෂ්පාදන මාර්ග සියල්ල බිඳ වට්ටලා. වත්කම් උපයන්නේ නැහැ. එනිසා රට දුවන්නේ ණයට. ණයට කන රටක් බවට පත්වෙලා. අපේ රට ණයවල රතු ඉරත් පැනලා. විගණකාධිපති වාර්තාවේ කියනවා 2005 වෙනකොට ලංකාවේ රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 2142යි. 2016 අග වෙනකොට රුපියල් බිලියන 8861ක් වෙලා. රුපියල් බිලියන 6719කින් ණය වැඩිවෙලා තිබෙනවා. පොතේ ලියැවුණු ඒවට අමතරව නොලියැවුණු ණය විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. විගණකාධිපතිතුමා වැඩිදුරටත් කියනවා ණය බර වැඩිවීමට සාපේක්ෂය රටේ මූල්‍ය වත්කම් වැඩිවෙලා නැහැ කියලා. ඒ කියන්නේ ණය ගෙනාපුවා හොරකම් කරලා, නාස්තිකරලා තිබෙනවා. පුද්ගලික ගිණුම්වලට දාගෙන තිබෙනවා. ණය ගෙනල්ලා පාලකයෝ හොරාකාපු යුගයක තමයි අපි ජීවත්වෙන්නේ. ඒවගේම ගෙනාපු ණයවලින් වැඩිපුර වියදම් කරල තිබෙන්නේ දෛනික වියදම්වලට. රටේ කර්මාන්ත, සේවා දියුණු කරලා නැහැ. ඒකපුද්ගල ණය ප‍්‍රමාණය එන්න එන්න වැඩිවෙමින් තිබෙනවා. ඔබ අපි නොදන්නා ණය කන්දරාවක් කරගහ ගත්ත ජනතාවක් තමයි අද රටේ ඉන්නේ. ඒනිසා තමයි තවදුරටත් අපිට බදුබර වැඩිවෙන්නේ. මේ ආණ්ඩුවට තිබෙන එකම උත්තරය බදු වැඩිකිරීම, සහන කැපීම, රට විනාශ කරන සම්පත් විකිණීම පමණයි. එනිසා මෙම ධනවාදය ඇතුළේ මොකා බලයට පත්වුණත් හෙට හොඳවෙයි කියලා කවුරුත් හිතන්න එපා. එය විද්‍යාත්මක සත්‍යයක්. අපි බලාපොරොත්තු තැබිය යුත්තේ ධනවාදය අහෝසි කරලා සමාජවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ සටන පිළිබඳවයි.

අපේ රටේ ධනපති ආණ්ඩුවට අංශභාගේ හැදිලා. ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි අර්බුදයක තිබෙනවා. ජනාධිපති කියන එක අගමැති අහන්නේ නැහැ. අගමැති කියන එක ජනාධිපති අහන්නේ නැහැ. එකම ආණ්ඩුවේ ජනපති, තමන්ගේම ආණ්ඩුවේ අගමැතිට විශ්වාස භංග ගේනවා. ඒ ජනාධිපතිගේ යාළුවන්ට ඇමතිකම් දාලා යන්න වෙනවා. බේද භින්න වෙච්ච ආණ්ඩුවක්. මාසෙන් මාසෙට කැබිනට් සංශෝධනය කරනවා. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා කියලා විජ්ජාවක් කළා. අපේ රටේ සමාජ ජාලාවල කියන්නේ අපේ රටේ ජනාධිපතිතුමා ගොවියෙක්ගේ පුතෙක් නොව වඩුවෙක්ගේ පුතෙක් කියලයි. මොකද හැමදාම කැබිනට් හදනවා. අරමුණක් නැහැ. යන්නේ කොහෙද කියල දන්නේ නැහැ. රට අගාධයට ඇදගෙන යනවා. අපේ රටේ ඉතිහාසයේ මෙතරම් අර්බුදයට ගිය ආණ්ඩුවක් අපි දැකලා නැහැ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ රනිල් වික‍්‍රමසිංහට එරෙහිව කැරැුල්ලක් තියෙනවා. පන්දාහක් ගෙනල්ලා මැයි දින සැමරුමක් කළා. එජාපයේ ප‍්‍රබලයින් රැුසක්ම මැයි දිනයට ආවෙත් නැහැ. ඇතුළෙ කචල්. පළාත් පාලන ඡුන්දෙන් එජාපයට ඡුන්ද ලක්ෂ 15ක් අඩුවුණා. එජාපය ගොඩගන්න බැරි තරමට වැටිලා. ශ‍්‍ර‍්‍රිලනිපය දෙකඩ වෙලා, තව තවත් දෙකඩ වෙමින් තිබෙනවා. එනිසා ධනපති පක්ෂ දුබල වෙලා තිබෙනවා. ධනපති ක‍්‍රමය දුබලවෙලා තිබෙනවා. ධනපති පක්ෂ අර්බුදයක තිබෙනවා. මේ සියලූ අර්බුදය විසින් අවස්ථාව නිර්මාණය කරන්නේ වමේ ව්‍යාපාරයටයි. ජනතා විමුක්ති පෙරමුණට, ඔබට, අපට අනගි අවස්ථාවක් නිර්මාණය කරල තිබෙනවා, රට වෙනස් කරන්න පෙරමුණ ගන්න. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා එම අවස්ථාව අත් නොහැර ඒ අවස්ථාව හරියටම පාවිච්චි කරන්න කියලා. අපි හදමු දැවැන්ත බහුජන ව්‍යාපාරයක්. ධනපති පංතියට අභියෝග කරමු වේදිකාවෙන් බැහැල පලයල්ලා කියලා. ධනපති පන්තිය වේදිකාවෙන් බස්සන්නේ නැතිව වෙන උත්තරයක් මෙම අර්බුදයට ඇත්තේ නැහැ.

දැන් කොයිතරම් ධනවාදය අර්බුදයට ගිහිල්ලද කියනවා නම්, දැන් ධනපති පක්ෂ පුද්ගලයින්ට මාරුවෙලා පුද්ගලයින් විදිහට ජනතාවගෙන් බලය ඉල්ලනවා. පක්ෂ වෙනුවට පුද්ගලයෝ ආදේශ වෙලා. පුද්ගලයින් ආදේශවීමම නරකම කාරණයක්. පුද්ගලයෝ පිටිපස්සේ යෑමෙන් රට විනාශ වෙනවා. ඒනිසා අපිට සටනක් තිබෙනවා. මේ මැයි දිනයෙන් පස්සේ දේශපාලනයේ බෙදුම් රේඛාව ජවිපෙ විසින් වෙනස් කරනවා. මීට කලින් අපේ රටේ දේශපාලනයේ බෙදුම් රේඛාව තිබුණේ කොලපාට, නිල්පාට කියලා එජාපය, ශී‍්‍රලනිපය කියල බලයට ආපු එකයි. වමේ ව්‍යාපාරය තුන්වෙනි බලවේගය වෙලයි තිබුණේ. දැන් අලූත් දේශපාලන බෙදුම් රේඛාවක් ඇඳෙමින් තිබෙනවා. අනිවාර්ය ලෙස මෙම බෙදුම් රේඛාව අඳින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාවත් එක්ක එය තීව‍්‍ර වෙලා තිබෙනවා.

අපි තීන්දු තීරණ ගන්නේ පුද්ගලයින් ගැන හිතලා නොවෙයි. අපිට කවුරුත් ලොකු නැහැ. අපිට තිබෙන්නේ පුද්ගල ප‍්‍රශ්නයක් නොවෙයි. ගෝඨා එයිද? මහින්ද එයිද? රනිල් එයිද? මෛතී‍්‍ර එයිද? කියලා අපිට ප‍්‍රශ්නයක් නැහැ. මෛතී‍්‍ර මොකක් කරයිද කියලා මෛතී‍්‍රවත් දන්නේ නැහැ. ඔහු කියා තිබෙනවා 2020 දී ඔහු විශ‍්‍රාම ගන්නේ නැහැ කියලා. කරපු සේවය මදිද? එයාගෙ සේවය තවදුරටත් එපා කියලයි අපි නම් කියන්නේ. මෛතී‍්‍රපාල මොන පොරොන්දු දුන්නත් බලයට කෑදරයි. මේ ජනාධිපති පුටුවේ මොකා වාඩිවුණත් යන්න කැමැත්තක් නැහැ. ඇලිල ඉන්නවා. එනිසා අපිට පුද්ගලයින් පිළිබඳ ප‍්‍රශ්නයක් නැහැ. රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕනෑ. විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක්. එය අහෝසි කළ යුතුයි. අපිට විතරක් නොවෙයි, ධනපති පක්ෂවලටත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙනවා. ජනාධිපති ඉස්සරහා කෙලින් හිටගන්න බැරි ඇමතිවරුන්ටත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙනවා. සමහරු බයවෙලා කෑ කෝ ගැහුවත් ඒක කාටත් හොඳයි. එනිසා අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

ජවිපෙ මේ සටන පටන් ගත්තේ අතරමගදී නතර කරන්න නොවෙයි. සටන දාලා යන්න නොවෙයි. ජවිපෙ කිසියම් කාර්යයක් නිවැරදියි කියලා විශ්වාස කරලා පටන් ගත්තා නම්, අවසන් කිරීමෙන් තොරව නතර කරන්නේ නැහැ. එනිසා අපි සහතික කොට කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා, අපේ මව් බිමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකරණ සටන අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය දක්වා අරගෙන යනවා කියලා. අපි තර්ජනවලට බය වෙන්නේ නැහැ. අපි සියලූ දෙනා එක්කම කතා කරන්න සූදානම්. ප‍්‍රතිගාමී අරමුණු වෙනුවෙන් අසත්‍ය පතුරවලා ජනතාව නොමග යවන්න කවුරුහරි උත්සාහ කරනවා නම්, ඒ උත්සාහය පරාජය කරන්න අවශ්‍ය සියලූ දේවල් කරන්න අපි සූදානම්. අද සතුරා කලබල වෙලා. අපි සූදානමින් ඉන්නවා සතුරා මූණට මූණ හමුවෙන්න. අපි ඒ සටන මඩ අවලාද නැතිව මතවාදීව කරන්න සූදානම්. නමුත් සතුරන් තර්කානුකූලව, විද්‍යානුකූලව මතවාදයෙන් මේක පරාජය කරන්න බැහැ. ඒනිසා අවලාද ගහන්න පටන් ගනීවි. බයවද්දන්න පටන් ගනීවි. කුමන්ත‍්‍රණ කරන්න පටන් ගනීවි. ජවිපෙ ඒවට මුහුණ දෙන්න සූදානම්. අපේ පක්ෂයට අවලාද කියන එක අලූත් දෙයක් නොවෙයි. අපිට එරෙහිව ගහපු අවලාද කිසිවක් ඇත්ත වුණේ නැහැ. රෝහණ විජේවීර සහෝදරයාට 1965 පක්ෂය ආරම්භ කරපු දවසේ ඉඳලා අවලාද ගැහුවා. අපිට අවලාද ගහපු සියලූ දෙනා බංකොලොත් වෙලා, දේශපාලන කුණු කූඩෙට වැටිලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවා. ජවිපෙ මඩවලින්, අවලාදවලින් දශමයක්වත් ආපස්සට හරවන්න බැරි වුණා. අදත් බෑ. හෙටත් බෑ කියල අපි කියනවා. වෙඩි උණ්ඩවලින්, කාලතුවක්කුවලින්, හිරගෙවල්වල බිත්තිවලින් නතර කරන්න බැරි වෙච්ච ජවිපෙ ගමන, ජවිපෙන් එලවා දාපු හතරපස්දෙනෙක්කේ කුමන්ත‍්‍රණවලින් අවලාදවලින් නතර කරන්න බෑ කියන එක අපි මේ මැයි දින වේදිකාවේ ඉඳල සහතික කරල කියනවා.

අපි මේතරම් කාලයක් දේශපාලනය කරලා පෞද්ගලිකව හම්බ කරපු දෙයක් නෑ. අපේ පක්ෂ නායකයාට වගේම අනෙකුත් සියලූ දෙනාට බැංකු ගිණුම් නෑ. ඉඩකඩම් නෑ. දේපළ නෑ. මහාමන්දිර හදල නෑ. අපි මේ මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා රෝහණ විජේවීර සහෝදරයා හදපු පක්ෂය සතුරන්ට විනාශ කරන්න ඉඩ නොතබා ලංකාවේ ප‍්‍රධානතම වමේ බලවේගය බවට පත්කරන්න අපට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් අපි අපේ මුළු ජීවිතයම කැප කරලා තිබෙනවා. අපිට අලූත් සමාජයක් දිනා ගන්න තිබෙනවා. ඒ වෙනුවෙන් තවත් කැප කළ යුතු නම්, අපි ලෑස්තියි ඒකට. මඩවලට මුහුණ දෙන්න සූදානම්. හිරගෙවල් වලට තෝරගන්න ලෑස්තියි. අපේ ජීවිත ලබාදී හෝ රටට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජසාධාරණ දිනා දෙන්න අපි සූදානම්. සටනේ වාසිය තිබෙන්නේ අපිට. ධනපති පක්ෂ බලයෙන් වැඩියි වගේ පෙණුනට ගුණය තිබෙන්නේ වමේ පක්ෂවලයි. ප‍්‍රමාණය වැඩිවුණාට සතුරා දුර්වලයි. ඔවුන්ට ප‍්‍රතිපත්ති නැහැ. විනයක් නැහැ. ඔවුන් අතර සමගියක් නැහැ. පොදු අරමුණක් නැහැ. එනිසා විනයක්, ප‍්‍රතිපත්තියක්, ඉතිහාසයක් තිබෙන පක්ෂයක් පරාජය කරන්න කුමන්ත‍්‍රණකාරී කල්ලියකට බැහැ. අපිට තිබෙන වාසිදායක අවස්ථාව අපේ බලවේග හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා. අපේ රටේ ප‍්‍රගතිශීලී බලවේග අනිවාර්යයෙන් තීන්දුවක් ගත්තොත් අපේ රට වෙනස් කරන්න පුළුවන්. අපිට තිබෙනවා දැවැන්ත මතවාදී අරගලයක්. ජනතාවගේ චින්තනය වෙනස් කරන්න ඕනෑ. මිථ්‍යාව වෙනුවට සත්‍ය ගෙනෙන්න ඕනෑ. සම්ප‍්‍රදාය වෙනුවට රැුඩිකල් බව ගේන්න ඕනෑ. අලූතෙන් හිතන්න පුරුදු කරන්න ඕනෑ. බැහැයි කියලා ඉන්නේ නැතිව පුළුවන් කියලා හිතන්න පුරුදු කරන්න ඕනෑ. පෞද්ගලික පටු අරමුණුවලින් තොරව ජනතාව සංවිධානය කරන්න ඕනෑ. හදන බලවේගයේ න්‍යෂ්ටිය බවට, අරටුව බවට පත්වීමේ සියලූ සුදුසුකම් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔබට අපිට විතරයි.

අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරන්න කියලා. අද අපේ රටේ දේශපාලනය, ජාත්‍යන්තර වමේ ව්‍යාපාරයන්ගේ වැඩිම සහයෝගය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයවේදීන්, ප‍්‍රගතිශීලී කලාකරුවන්, රට ඉදිරියට ගෙනියන්න කැමති භික්ෂූන් වහන්සේලා, පූජකතුමන්ලා මේ හැම දෙනාගේම සහාය, ආශීර්වාදය නොඅඩුව ජවිපෙට ලැබෙනවා. එනිසා අපි ගමින් ගමට යමු. දිරිය සමිති හදමු. හැම කෙනෙක්ම ගමේ නායකයන් බවට පත්වෙමු. දැන් බිමට අලූත් බලවේගයක් ඕනෑ. කම්කරු ජනතාවට, ගොවි ජනතාවට දෛනික සටන් මෙන්ම අලූත් ආණ්ඩුවක් හදන සටනේ බලවේගයක් බවට පත්වෙන්න ඕනෑ. තරුණ පරපුර ශිෂ්‍ය ව්‍යාපාරයන් සංවිධානය කරමු. ධනපති ආණ්ඩුවලින් ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව, හිඟමනේ යන්නේ නැතිව ධනපති පක්ෂවලට අතපාන දේශපාලනය අත්හැරලා ධනවාදය පරද්දන රට පාලනය කරන බලවේගයේ කොටස් කාරයන් බවට පත්වෙන්න පුළුවන් ව්‍යාපාරයක් හදන්න ඕනෑ. අපේ පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි සියලූ දෙනාම දායක වෙමු. දැන් හොඳ මිනිස්සු නිහඩතාවය බිඳින්න ඕනෑ. අපේ රටේ හෘද සාක්ෂියක් තිබෙන අය නිහ`ඩතාවය බිඳලා කතාකරන් පටන් ගන්න ඕනෑ. අපි සියලූ දෙනා එක හඬක් බවට පත්වුණොත් ජයග‍්‍රහණය අපි ඉදිරියේ තිබෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.