අවුරුද්දකට සියයට 200ත් සියයට 220ත් අතර තරම් වූ අධික ගිනි පොලී අයකරමින් දුප්පත් අහිංසක ජනතාව ගසාකෑමට ගිනි පොලීකරුවන් සහ එවැනිම ක්ෂූද්‍ර මූල්‍ය ආයතන බිහිකිරීම වැළැක්වීමේ අරමුණින් දැඩි නීතිරීති, අධීක්ෂණ හා නියාමන ආයතනයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර කියා සිටියි.
ක්ෂූද්‍ර මූල්‍ය ආයතන රටපුරා බිහිවනුයේ අවිධිමත් ණය වෙළෙඳ පොළක් තුළින් තම ප්‍රාග්ධන අවශ්‍යතා ඉටුකර ගන්නට කටයුතු කරන ගම්බද දුප්පත් ගනුදෙනුකරුවෝ ඉලක්කකොටගෙනය. මේ අහිංසක ගනුදෙනුකරුවෝ විධිමත් මූල්‍ය ආයතනවලින් තම ණය අවශ්‍යතා සපුරා ගන්නට නොහැකිවීම නිසාම අවිධිමත් ක්ෂූද්‍ර මූල්‍ය ආයතන වෙත ඇදී යති.
මේ අඩුපාඩුව තිරසාරව විසඳාලීමට හැකි තරම් විධිමත් මූල්‍ය හා ක්ෂූද්‍ර මූල්‍ය ආයතන බිහිකොට ඒවා දැඩි නියාමනයකට ලක්කොට කටයුතු කිරීම අනිවාර්ය බව ආණ්ඩුව හැඳිනගෙන ඇතැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවල එකමුතුව එක්ව මේ දැඩි නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරනු බවත් සියයට 200, සියයට 220ක් තරම් අධික පොලී මුදල් වෙනුවට උපරිමයෙන් සියයට 35ක් තරම් වූ පොලී අනුපාතයකට ණය මුදල් ලබාදීමට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන ඉදිරියේ දී ක්‍රියා කිරීමට මුදල් අමාත්‍යාංශයට එකඟතාව පළකොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියි.