ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව බිහි කිරීමට සැරසෙන නව රජයට සහාය ලබා නොදෙමින් ස්වාධීනව කටයුතු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තීරණය කර ඇති බව සඳහන් වේ. ඔවුන්ගේ එම තීරණය අද (29) උදෑසන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවත් පැවසේ.
තමන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමේ අදහසක් ද නොමැති බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්රියාකරන බවත් ඔවුන් විසින් ජනාධිපතිවරයා හමුවේ ප්රකාශ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.