මහජන බැංකුව ඩිජිටල්කරණය සඳහා දෘඩාංග (Hardware) ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු රුපියල් කෝටි 70ක (ඇ.ඩො. මිලියන 4.5) ට අධික ගනුදෙනුවට අදාළව සියලු ලිඛිත සාක්කි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සදහා යොමු කර ඇත. එම ගනුදෙනුවේ මහා පරිමාණ දූෂණයක් සිදු වන බවට මහජන බැංකුවේ අධ්යක්ෂවරු දෙදෙනෙකු විසින් කරුණු දක්වා ඇත.
එම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් කැඳවීම දින 5ක් වැනි කෙටි කාලයක් තුළදී කර තිබීමත් එහි මහා පරිමාණ දූෂණයක් වන බවටත් අධ්යක්ෂවරු දෙදෙනෙකු විසින් කරුණු දැක්වීමත් සමඟ ඉකුත් සතියේ පැවැති මහජන බැංකු අධ්යක්ෂ මණ්ඩල රැස්විම තීරණයකින් තොරව අවසන් කර ඇත.
ඉහත ගනුදෙනුවට අදාළ අධ්යක්ෂ මණ්ඩල අනුමත කර ගැනීමට තවත් රැස්වීමක් යළි කැඳවා තිබේ. ඉහත ගනුදෙනුවෙන් මහජන බැංකුවට සිදු වන අතිවිශාල පාඩුව සැලකිල්ලට ගෙන එය අත් හිටුවීමට අවශ්‍ය නියෝග නිකුත් කරවීමට සියලු තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දුන් බව සදහන් වේ.