School_Exam

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර එම විභාගය නව සහ පැරණි නිර්දේශ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර පාසල් අයදුම්පත් මේ මස 25 වැනිදින දක්වාත් පෞද්ගලික අයදුම්පත් මාර්තු මස 01 වැනිදා දක්වාත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

මේ වනවිට පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම්පත් පාසල් වලට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවද එම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.