ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් අඩව්වක්. පුවත් On Jun 17, 2019 මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාවට එරෙහිව අඛණ්ඩව විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ සූදානමක් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන්කර සිටියි. මෙම විශේෂ කාරක සභාව වහාම නතර කරන ලෙස කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටීමටත්, ඔහුගේ ප්‍රතිචාරය යහපත් නොවන්නේ නම්, අඛණ්ඩව විරෝධය පළකිරීමටත් ඒකබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි සදහන් වේ. රාජ්‍ය නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමේදී අනවශ්‍ය බලයක් පෙන්වීම, ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු හෙළිදරව් වීම, ආරක්ෂක නිලධාරීන් හෙළිදරව් වීම, දේශපාලන වුවමනා වෙනුවෙන් ඒක පාර්ශ්වීයව කාරක සභාව මෙහෙයවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දිනවල විරෝධය පළකරමින් අදහස් දක්වා තිබිණි. Share this:TwitterFacebook Related Another weakness from the combined opposition.