මහින්ද-බැසිල්, ජනාධිපති සිරිසේනව ”උඩින්ම තැබීමට” සුදානමක් . පුවත් On Aug 9, 2019 පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්රීපාල සිරිසේනට එහි ඉහළ සහ ගරු තනතුරක් ලබාදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි. කෙසේ වෙතත් මෙම ගරු තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද සදහන් වේ . මේ අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු ශ්රී ලංකා පොදුජන පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම නිල වශයෙන් ඇරඹීට සියල්ල තීරණය කර ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමග ඉන්පසුව පැවැති සාකච්ඡාවලදී මෙම තීරණවලට පැමිණ ඇති බවද ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි . Share this:TwitterFacebook Related President Sirisena is ready to be “on top”