topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චූදිතයන්ටම ප්‍රහාරය සිදු වූ පළාත් දෙකම දෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු එම පළාත් දෙකේම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරවලට උසස් කිරීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් කටයුතු කර තිබේ. බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ ජගත් අබේසිරි ගුණවර්ධන මාරු කර යවා ඒ වෙනුවට දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබේ. එසේම නැගෙනහිර පළාතට ලලිත් පතිනායක පත් කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලික වශයෙන් එහි වගකීම් පැහැර හැරියේ යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලදී. එම විමර්ශනවල දී වැඩි දුරටත් අනාවරණය වී තිබුණේ, ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු මූලික බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ද යොමු කර ඇති බවයි.

එම නිලධාරීන්ට අදාළව ද පියවර ගැනීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී. එහි මූලික පියවර
වශයෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිස සේවය කරමින් සිටි ස්ථානවලින් ඉවත් කර වෙනත් තැන්වලට අනුයුක්ත කරනු ලැබීය. ඒ අතර එවකට බස්නාහිර උතුර භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ද වූහ.

ඒ අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත යොමු කළ තොරතුරු අනුව නීතිපතිවරයා නිර්දේශ කර තිබුණේ, මෙම නිලධාරීන්ට අපරාධ වගකීමක් තිබුණේ ද යන්න ගැන විමර්ශන කර ඉදිරි පියවර ගන්නා ලෙසයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ ත්‍රිපුද්ගල කොමිෂන් සභා වාර්තාවෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 13 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආනන්ද මුණසිංහ, කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, බස්නාහිර උතුර භාරව සිටි දේශබන්දු තෙන්නකෝන්, කොළඹ හා මීගමුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන්, කටාන සහ කොළඹ – ජම්පටා වීදිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ද මේ අතර වූහ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයක් අනුව කොළඹ කොට්ඨාසය භාරයේ සිටි සැකකරුවකු ඝාතනය කරන ලෙස උපදෙස් දුන් බවට ලලිත් පතිනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් ද මේ වන විට සිදු වෙමින් පවතී. මෙවැනි චෝදනා සහිත පරීක්ෂණ සිදු කෙරෙන නිලධාරීන්ට උසස් වීම් ලබා දීම බරපතළ ගැටලූවක් බව අදාළ අංශ වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.