රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා පනවා ඇති වාරණයට විරෝධය දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඔක්තෝබර් 0 කොළඹ 10, ඩීන්ස් පාරේ, සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී (සී.එස්.ආර්.) පැවැත්විනි. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, ස්වාධීන සිනමා එකමුතුව වෙනුවෙන් කෙටි චිත්‍රපට නිර්මානශිල්පී මාලක දේවප්‍රිය, ප්‍රක්සිස් සාමූහිකය වෙනුවෙන් කලා විචාරක විදර්ශන කන්නන්ගර, මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, සිනමාකරු උපාලි ගම්ලත්, කෙටි චිත්‍රපට සහ ඡායාරූප ශිල්පී විරාජ් ලියනාරච්චි, විචාරක සහ විශ්ව විද්‍යාල ආචාර්ය ධනුෂ්ක ගුණතිලක හා කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනී නාද්‍යා පෙරේරා අදහස් දක්වන ලදී. මලිත් හෑගොඩ, කීර්ති පතිරණ, උදාර අබේසුන්දර, පූර්ණිමා මුහන්දිරම් ඇතුළු තවත් සිනමා ක්ෂේත්රයේ කලාකරුවන් සහ විචාරකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.