topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැදපෙරදිග ලාංකිකයන් දහස් ගණනකටත් වෛරසය ආසාදනය සිදුව තිබෙනවා..

“මේ වනවිට මැදපෙරදිග සේවයේ යෙදෙන ලාංකිකයන් නැවත ලංකාවට ඒන්න අවශ්‍ය බව ආණ්ඩුවට, විශේෂයෙන් ජනාධිපතිවරයාට, විදේශ සේවා කාර්යාංශයට සිය ඉල්ලීම් ඉදිරිපත්කර මාස දෙකකට වැඩි කාලයක් ගෙවිලා. ඔවුන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක්ව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය කියන්නෙ මුලු මැදපෙරදිගම ඒහෙම ඒන්න ඉන්නෙ 43000ක් කියලා. නමුත් මේ වනවිට ඩුබායිවල ලංකා තානාපති කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව 58000ක් ලංකාවට ඒන්න බලාගෙන ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ වනවිට මැදපෙරදිග කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යනවා.
ඔවුන්ට සේවයේ යෙදෙන තාක් හිමිවන සෞඛ්‍ය රැකවරණ පවා දැන් නෑ. ලංකාවට ඒන්න බලාගෙන ඉන්න මේ අයට පසුගිය මාර්තු අප්‍රේල් මාසවල නවාතැන්වලට කුලී ගෙවන්න මුදල් නැතිව නවාතැන් හිමිකරුවන් ඔවුන්ව පිටමං කරලා. ඔවුන් පිලිපීන හෝ ඉන්දියානු ජාතික හිතවත් සේවකයන්ගෙ නවාතැන්වල හරි වෙනත් කොහෙ හරි අගුපිලක වැටිලා රැකවරණයක් නැතිව වසංගත අවදානමට ගොදුරු වෙමින් ඉන්නෙ.
ලාංකිකයන් දහස් ගණනකටත් වෛරස් ආසාදනය සිදුව තිබෙනවා. නමුත් ඔවුන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ. රෝහල්ගතව ප්‍රතිකාර ගන්න හැකියාව නෑ. ආහාර අවශ්‍යතා පවා සපුරාගන්න බැරි තත්වයක් තිබෙනවා. මේ වනවිට තානාපති කාර්යාලවලට ආහාර සපයන්න බැරි තරමක් පිරිස අසරණව ඉන්නවා. අබුඩාබිවල තානාපති කාර්යාලයත් වහලා. ලැබෙන කෑම කියන්නෙ ප්‍රමාණවත් ආහාරයක් නෙවෙයි.  පරාටා ඒකකුයි ප්ලනේටියකුයි අරගෙන දවස ගෙවාගන්න වෙලා තියෙන්නෙ. ඒ් අයගෙ ජීවිත රැක ගන්න වගකීම ආණ්ඩුවට තිබෙනවා.
කටාර්වල 1800ක් ලාංකිකයන් ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. මේ අයට පරික්ෂන කරන්නත් ලංකාවෙ මුදලින් රුපියල් 8000-10000 අතර මුදලක් වැය වෙනවා. හරියට වේලක් කන්න නැතිව ඉන්න මේ අය කොහොමද ඒ් වගේ මුදලක් වැය කරන්නෙ? කෝවිඩ් පොසිටිව් අය රෝහල්වල නෙවෙයි ඉන්නෙ. වෛද්‍යවරු, හෙදියො නැති ඖෂධ නැති ගොඩනැගිල්ලක රඳවලා ඉන්නවා.

මේ  විදේශගත ශ්‍රමිකයන්ගෙන් සෞඛ්‍ය රක්ෂණ මුදලක් අයකර තිබෙනවා. ඒ් අයට වියදම් කරන්න ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. ඒ් නිසා මේ විදේශගත ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වහාම මැදිහත් වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

Leave A Reply

Your email address will not be published.