topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලන දේවාලයෙන් දෙවියන් පැන ගියේ ඇයි?

Studio_20161206_114530
වංචාව, දූෂණය, ඥාති සංග්‍ර‍හ ආදිය අවසන් කරන බව කියමින් බලයට පැමිණි මෛත්‍රී-රනිල් යහපාලන සන්ධාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් මේ වන විට දැඩි විවේචනයට ලක් වී තිබේ. මෛත්‍රී සිය සොයුරා වන කුමාරසිංහ සිරිසේන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුරට පත් කළේ ය. රනිල් වික්‍ර‍මසිංහ සිය නෑනා වන අමරි විජේවර්ධන එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට පත් කළේ ය.

රනිල්ගේ ගජ මිතුරු කල්ලිය රජයේ බලවත් ස්ථාන අත්පත් කරගෙන සිටින අතර මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර‍න් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට දැවැන්ත ලාභයක් ලබා ගත හැකි මාර්ගයක් විවෘත කර දුන්නේ ය. එය නීති විරෝධී නො වේ නම් සදාචාර විරෝධී හෝ වේ. ඒ පිළිබඳ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කුමක් වේදැයි අපි බලා සිටිමු.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ භූමිකාව දැඩි මතභේදයට තුඩු දුන් එකකි. ඔහු කලක් ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම ආරක්ෂා කළේ ය. ඇවන්ට්ගාඩ් යනු ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදා ප්‍ර‍ධානීන් සම්බන්ධ වී රාජ්‍ය බලය හා දේපල අවභාවිතා කරමින් කළ දැවැන්ත ජාවාරමකි.

දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන නාස්තිය හා දූෂණය දුරලන්නට පොරොන්දු වෙමින් බලයට පැමිණිය ද, වත්මන් ආණ්ඩුව ඒවා දිගට ම පවත්වාගෙන යයි. මහජනතාවගෙන් තීරු බදු වංචා කරමින් දේශපාලකයන් හා රජයේ නිලධාරින් කරන වාහන ජාවාරම ජයට ම සිදු වෙමින් තිබේ.

එසේම, පසුගිය රජය කාලයේ සිදු වූ දැවැන්ත වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නො වන බව ද පැහැදිලි ය. ජනාධිපතිවරයා විසින් ම හෙළිදරව් කරන ලද නිල්වලා ව්‍යාපෘතියේ වංචාව එවැන්නකි. නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් අනුමත කර තිබුණු රු. මිලියන 40ක මුදල වෙනුවට අනුමැතියකින් තොරව රු. බිලියන හතරක් හෙවත් මිලියන 4000ක් 2015 ජනවාරි 7දා එනම් ජනාධිපතිවරණයට පෙර දා චීනයේ සමාගමකට ගෙවා තිබේ. ඒ වන විට වාරිමාර්ග ඇමති ධුරය දැරුවේ නිමල් සිරිපාලන ද සිල්වා ය. අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ අයිලින් ද සිල්වා මේ වන විට විශ්‍රාම ගොසිනි.

මේ මහජන මුදල්වලට මොනවා වූයේ ද යන්න සරළ විමර්ශනයකින් සොයා ගත හැකි ය. එහෙත්, එය කරන්නේ නැතිව ජනාධිපතිවරයා නඩුව අප හමුවේ තබයි.

විමල් වීරවංශ පාස්පෝට් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට නො ගෙන බේරා යැවූ බව අගමැතිවරයා ම දැන් උදම් අනමින් වෙන තැනකදී නො ව පාර්ලිමේන්තුවේදී ම කියයි.

ඇවන්ට්ගාඩ් ජාවාරමට සම්බන්ධ නාවික හමුදාපතිවරු සිය නායකයා සමග පදක්කම් හොල්ල, හොල්ලා උසාවියට ආ විට, ඔවුන් උසාවි කැඳවූ එක ගැන ද, රජයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍ර‍ධානියා රිමාන්ඩ් කළ විට ද ජනාධිපතිවරයා උදහස් විය.

පසුගිය ආණ්ඩුවේ නායක චෞරයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඩීල් ගසා සිටින බලවතුන් ගණනාවක් ම ඊනියා යහපාලන ආණ්ඩුවේ සිටිති.

සොරුන් දැන් ජනතාවට ඉදිරිපත් කරන තර්කය දුම්රියේ හොරෙන් ආ මගියෙකු වේදිකාවේදී ටිකට් පරීක්ෂකයන්ට හසු වූ විට ඉදිරිපත් කළ තර්කයයි. “මං කෝච්චියේ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපායැ.”

පසුගිය ආණ්ඩුවේ චෞරයන් දැන් කියන්නේ මෙවැනි කතාවකි. “අපි හොරකම් කළේ නැහැ. හොරකම් කළා නම් අපි හිරේ ඉන්න එපායැ.”

දීපන්කො පුළුවන් නම් උත්තර!

අලුත් ම සිද්ධිය දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ, පොලිස්පති ලෝක පූජිත හා රනිල්ගේ ගජමිතුරු ඇමති සාගල සම්බන්ධ නාටකයයි.

මේ ‘නිලමේ‘ට තිබෙන චෝදනා පසුගියදා දූෂණ විරෝධී පෙරමුණ විසින් හෙළිදරව් කරන ලදී. පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

“රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

“නිලමේ හෙවත් දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයන් හි කටයුතු කලා. ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ලංකා බැංකුව මගින් රු. මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කළා. කවදාවත් අලුත් කර්මාන්ත ශාලාවක් හදලා නෑ. දැන් මෙම භාණ්ඩ දිරායනවා. 2015 ජනවාරි 6 දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා.

“මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුලින් මිලියන 30 ක් පසුව තවත් මිලියන 10 ක්. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතා යි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ. මේ ගැන දැන්ත් දැන් පොලිස් පරීක්ෂණ තියෙනවා.

“ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ දුෂණ එතැනින් අවසන් නෑ.

“ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබා ගෙන තියෙනවා. ජනාධිපති කාර්යාලයේ ‘අමිල‘ නම් පුද්ගලයෙකු මාසිකව රු. 140,000 ක චෙක්පත අරගෙන ගිහින් තියෙන්නේ. මේ ව්‍යාජ සේවා ගිවිසුමෙන් රජයට සිදු කොට ඇති පාඩුව රු. පනස් ලක්ෂ අනු හතර දහස් හයසීයයි. (මිලියන 5.5 යි). ලේඛණ වල දැක්වෙන්නේ පීඩී 2199 (2012 මාර්තු 29 සිට 2014 දෙසැම්බර් දක්වා) , කේබී 5303 (2011.04.26 සිට 2014 ජූලි දක්වා) ලබාගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා.

“මොහුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ කියලා චෝදනාවක් තිබුණා.
මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යොදවා ඇති බවට සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්.කේ. ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. දැන් ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ.

“ආණ්ඩුව පැහැදිලිවම මහා පරිමාණ හොරු රකින තැනකට ගිහින් තියෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒ බවයි. දැන් හොරු රකින්නේ කවුද කියා හොදටම පැහැදිලියි යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.”

මෛත්‍රී-රනිල් හවුල මේ වන විට වේගයෙන් සිය සහායක පදනම අහිමි කර ගනිමින් සිටියි. මෙම හවුලට යළි බලයට ඒමට සිවිල් සංවිධානවල සහයෝගය ලැබේ යයි අපේක්ෂා කළ නො හැකි ය.

ඔවුන් යකාට ගියත් අපට කමක් නැත. අප සැලකිලිමත් වන්නේ අප ඔවුන්ට ලබා දුන් ජනවරම මගින් ඔවුන්ගෙන් උපරිමය ඉටු කරවා ගැනීමට ය. එසේම, ඊළඟට එන්නට උත්සාහ කරන යකා ගැන ද අපි සැලකිලිමත් වෙමු.
අජිත් පැරකුම්  ජයසිංහ.(W3Lanka )

Leave A Reply

Your email address will not be published.