හුදෙකලා කර ඇති අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් ඊයේ (26)දින කොරෝනා ආසාදිතයින් 150 දෙනෙකු හදුනා ගැණුනු බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර ඊයේ දින පිළියන්දල ප‍්‍රදේශයෙන් 10 දෙනෙකු, වැල්ලවත්තෙන් 8 දෙනෙකු, වැල්ලම්පිටිය සහ බොරැල්ල ප‍්‍රදේශවලින් හත් දෙනෙකු බැගින් ආසාදිතයින් හදුනා ඇති අතර ඒ අනුව ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 235 ක් වේ.
ඉකුත් ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 17,317 ක් වේ.