දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43දෙනා සමග මේ වනවිට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙසේ අලුතෙන් හමුවු ආසාදිතයින් 43න් 20 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාවෙන් 12 දෙනෙක් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්වන අතර බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් සිව් දෙනෙකුත් ඉදුරුව කොට්ඨාසයෙන් දෙදෙනෙකුත් බලපිටිය සහ රත්ගම කොට්ඨාසවලින් එක් අයෙකු බැගිනුත් හමුවී ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 467 දෙනෙකි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 876ක පුද්ගලයින් 1,613ක් නිරෝධායනය සඳහා යොමු කර ඇත.