topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිසුජන අරගලය හමුවේ පාලකයන් තටු හකුළවා ගනියි.

2019 A/L කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ලෙස බලකරමින් නිදහස් අධ්යාපනය උදෙසා සිසුජන ව්යාපාරය විසින් ඊයේ (26) ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වා සත්්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.
ජනවාරි 12 දින අගමැති ලේකම් කාර්යා⁣ලයේදී පැවැත්වූ සාකච්ඡාවේදී 27 දිනට පෙර මෙම කඩඉම් ලකුණු ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන බවට පාලකයන් පොරොන්දු විය. ඒ අනුව ඊයේ (26) A/L සිසුන් සිව් දෙනෙකුට, දෙමාපියන් දෙදෙනෙකුට හා අ.වි.ශි.බ.ම සාමාජිකයන් තිදෙනෙකුට සාකච්ඡාව සඳහා අගමැති ලේකම් කාර්යාලය සඳහා පැමිණෙන ලෙස 24 දින ලිපියක් මගින් දැනුම් දෙන ලදී. ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වා සත්‍යග්‍රහය ආරම්භ කරමින් සිසුන්, දෙමාපියන්, අ.වි.ශි.බ.ම හා අ.වි.භි.බ.ම නියෝජිතයන් සාකච්ඡාව නිම වන තුරු රැඳී සිටින ලදී.
සාකච්ඡාව සඳහා අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් තිදෙනෙක් සම්බන්ධ විය.
සාකච්ඡාවේදී අප විසින් අසාධාරණයට පත් සියලු සිසුන් බඳවාගත යුතු බව අවධාරණය කරමින් තාක්ෂණවේදය පැරණි විෂය නිර්දේශය සිසුන්, කලා නව නිර්දේශය සිසුන්, කලා ධාරාවේ සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ හා කැලණිය සිනමා හා රූපවාහිණී පාඨමාලාව සඳහා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිට අසාධාරණයට පත් වූ සිසුන්, විද්‍යා විෂය ධාරාවේ නව විෂය නිර්දේශයේ සිසුන් හා ගණිත විෂය ධාරාවේ නව නිර්දේශයේ සිසුන් ඇතුළු අසාධාරණයට පත් සියලු සිසුන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් බඳවාගැනීම් වැඩි කළ යුතු බව පවසන ලදී.
ඒ අනුව බඳවාගැනීම් ඉහළ දැමීමටත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් ආණ්ඩුව පාර්ශවයෙන් එකඟ වූ අතර අලුතෙන් බඳවාගන්නා ප්‍රමාණය කොපමණද, ඒ ඒ විෂය ධාරාවන්ගෙන් වැඩිපුර සිසුන් කොපමණ සංඛ්යාවක් බඳවාගන්නේද, ඒ කුමන විශ්වවිද්යාලවලටද, බඳවාගන්නා ක්‍රමවේදය කුමක්ද යන්න පෙබරවාරි 08 වැනි සිකුරාදා දැනුම් දෙන බවත්, එදිනට නැවත අ.වි.ශි.බ.ම සඳහා සාකච්ඡාවක් ලබාදෙන බවත් පොරොන්දු විය.
ඒ අනුව අද සාකච්ඡාවේදී බඳවාගැනීම් වැඩි කිරීමට පාලකයන් එකඟ වීම මෙම අරගලයේ අප ලැබූ තීරණාත්මක ජයග්‍රණයකි. අසාධාරණයක් සිදුව ඇති බවත් මෙතෙක් පිළිනොගත් පාලකයන් සිසුජන අරගලය හමුවේ තටු හකුළවාගෙන තිබේ.
මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මතය වූයේ මෙහි අසාධාරණයක් නොමැති බවත් ගැටලුව ඇත්තේ සිසුන්ගේ හදවතේ වන බවත්ය. අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන විට සඳහන් කළේ තමන් සතුව කිසිඳු තොරතුරක් නොමැති බවය. නමුත් අසාධාරණයක් සිදුව ඇති බවත්, අසාධාරණයට පත්වූ සියලු සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි විය යුතු බවත් කියමින් අප අඛණ්ඩව අරගල කළෙමු. රටපුරා උද්ඝෝෂණ තිහකට (30) ආසන්න සංඛ්යාවක් මේ වන විට පවත්වා තිබේ. පෝස්ටර් ව්‍යාපාර ක්‍රියාත්මක කරන ලදී. මර්දනයට මුහුණ දීමට සිදුවිය. වසංගත අවදානමක් මැද එම අභියෝගයත් දරාගනිමින් අඛණ්ඩව සිදු කළ මහපාරේ අරගලයේ ප්‍රතිඵල දැන් ලැබී තිබේ.
නැවත බඳවාගැනීම් කිසිවක් කළ නොහැකි බව කී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මේ වන විටත් අතිරේක ප්‍රෙව්ශයෙන් සිසුන් බඳවාගැනීම ආරම්භ කර තිබේ. එයද මෙතෙක් සිදුකළ අරගලයේම ප්‍රතිඵලයකි.
මේ බඳවාගැනීම් වැඩිකිරීම සිදුවන්නේ එයට අමතරවය. නමුත් අසාධාරණයට පත් සියලු සිසුන් විශ්වවිද්‍යාල දොරටුවෙන් ඇතුළත් වන තුරු අරගල ක්‍රියාමාර්ග අවසන් නොවන අතර සාකච්ඡා ලබා දෙන්නේත්, විසඳුම් ලැබෙන්නේත් අවසානය වන තෙක් අරගල කිරීම තුළින් පමණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය.

Leave A Reply

Your email address will not be published.