topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සීනි ගණුදෙනුවත් මහ බැංකු හොරකම වගේ දූෂිත ගනුදෙනුවක්.

සන්ඩේ ටයිම්ස් පුවත්පත අද(14 ඉරිදා) වාර්තා කරලා තිබෙනවා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත්කර තිබෙන බවත් ඒ අනුව ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාද්‍යංශ ලේකම්වරුන්ට තීරණ ගත හැකි නමුත් අවසන් තීරකයා භාණ්ඩාගාර ලේකම්වරයා කියලා. සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ යම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා වන අතර කැබිනට් මණ්ඩලයෙන් එය සම්මත කළ යුතුයි. නමුත් නව ක්‍රමවේදයට අනුව කැබිනට් මණ්ඩලය සහ ඇමතිවරුන් මගහැර ව්‍යාපෘති සම්බන්ධයෙන් සියලු තීරණ ගනු ලබන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින්. මෙයින් බලාපොරොත්තු වන්නේ යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවයන් අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරවා ගැනීමයි. පහුගිය කාලයේ අපි දැක්කා ජනාධිපති බලතල අනුව කැබිනට් මණ්ඩලය නොසලකා කටයුතු කරපු අවස්ථා. මේ උත්සාහ කරන්නේ එය නිල වශයෙන් කර ගැනීමටයි. මෙවැනි කටයුතු මගින් ආණ්ඩුව පාලනය කරන සීමිත කණ්ඩායමකට සියලු තීරණ ගැනීම නීත්‍යානුකූල කරගන්න උත්සාහ කරනවා. මේ වනවිටත් සිදුවන ඇතැම් කටයුතු කැබිනට් මණ්ඩලය හෝ ඇමතිවරු දන්නේ නැහැ. පාර්ලිමෙන්තුව දන්නෙත් නැහැ. මෙය ඉතාම බරපතළ කාරණයක්. මෙය ඉදිරියේදී අහයපත් ප්‍රතිඵල ගෙනත් දියහැකි තීරණයක් වෙනවා.

 

පහුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් සීනි ආනයනයත් මෙවැනි කුඩා කණ්ඩායමකගේ මැදිහත්වීමෙන් සිදුවුණු කුප්‍රකට ගනුදෙනුවක්. ආණ්ඩුවකට ඕනෑම අවස්ථාවක බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වල පොලී ප්‍රතිශතයන් අඩුවැඩි කිරීමටත් තීන්දු තීරණ ගතහැකියි. නමුත් මෙවැනි තීන්දු තීරණවලින් රටට හෝ ජනතාවට සිදුවන වාසිය කුමක්ද? ගැටළුව පැනනගින්නේ එතැනයි.

 

කුප්‍රකට සීනි වංචාව පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරිකයෙක් හිටියා. එම ව්‍යාපාරිකයාට අවස්ථාව ලබාදුන්නේ සෘජුවම ආණ්ඩුවේ මැදිහත්වීමකින්. පසුගියදා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශය විසින් වාර්තාවක් ලබාදුන්නා. එම වාර්තාව අනුව පැහැදිලිව මුදල් අමාත්‍යාංශය කියනවා, එම සීනු ගනුදෙනුව මගින් රුපියල් බිලියන 15.9ක් අලාභ වුණා කියලා. එය අපේ රටේ ජනතාවගෙන් 150,000කට කොවිඩ් එන්නත ලබාදිය හැකි මුදලක්. මේ ගනුදෙනුව ගැන තමන්ගේ බේරිල්ලට ආණ්ඩුව විවිධ කතා කියනවා. නමුත් සිදුවීම දෙස බලද්දී ඕනෑම පුද්ගලයෙකුට වංචාවක් සිදුවී ඇති බව පැහැදිලියි.

 

පහුගිය කාලයේ භාණ්ඩ විශාල ප්‍රමාණයකට ආනයන සීමා පැනෙව්වා. බදු ඉහළ දැම්මා. කරවල, හාල්මැස්සෝ, උම්මලකඩ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය පවා ආනයනය නතර කොට තිබෙනවා. වාහන සහ වාහන අමතර කොටස් ආනයනය මෙන්ම විදෙස් මුදල් රටින් බැහැර කිරීමත් තාවකාලිකව නතර කර තිබෙනවා. එසේ තිබියදී සීනි පමණක් ආනයනයට ආණ්ඩුව අනුග්‍රහය දැක්වීම පිළිබඳ සැකයක් තිබෙනවා. ලංකාවේ සීනි හිඟයක් තිබුණේ නැහැ. ජනතාවගෙන් විශාල ඉල්ලුමක් ආවෙත් නැහැ. අවශ්‍ය තරම් සීනි තොග අපේ ගබඩාවල තිබුණා. සීනි සඳහා තිබුණු බදු රු. 50 සිට ශත 25 දක්වා අඩුකරන මොහොතේ විල්මා ආයතනය සතුව පමණක් සීනි මෙ.ටොන් 8237ක් (සීනි කිලෝ 82,000කට අධික ප්‍රමාණයක්) තිබුණු බව වාර්තාවල සඳහන් වෙනවා. තවත් එක් ආයතනයක මෙ.ටොන් 1109ක් සීනි තොග තිබුණා. සීනිවලට රු.50 බද්ද ගහන වෙලාවේ ආණ්ඩුව කිව්වේ දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා මෙම බද්ද පනවන බවයි. නමුත් හිටිහැටියේ සීනි බද්ද ශත 25 දක්වා අඩු කරන්නේ ඇයි? ඒක ආණ්ඩුව කියපු ජාතික ආර්ථිකය ඔළුවෙන් හිටවන තීන්දුවක්. ඒ නිසා ආණ්ඩුව කුමක් කීවත් එම වංචාව වහන්න හැකියාවක් නැහැ.

 

මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් වාර්තාවේ සීනි ආනයනයේ දත්ත ඇතුළත් වෙනවා. 2020 අගෝස්තු-සැප්තැම්බර් වනවිට සීනි ආනයනය විශාල වශයෙන් ඉහළ යනවා. ඒ රු. 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීමට නියමිත ආසන්න කාලයේදී. ඉන් පසුව ශත 25ට බද්ද අඩුකළ පසුවද සීනි ආනයනය විශාල වශයෙන් අඩුවෙලා තිබෙනවා. බද්ද අඩුකළ මොහොතේම සීනි මෙ.ටොන් 26,000ක් විල්මා ටේ්‍රඩිං ආයතනය ආනයනය කොට තිබෙනවා. ලංකාවේ සාමාන්‍ය මාසික සීනි අවශ්‍යතාවය මෙ.ටො. 46.000ක් පමණ වනවිට බද්ද අඩුකළ මාසවලදී සාමාන්‍ය සීනි ආනයනය මෙ.ටො 80,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය අසීමිත වැඩිවීමක්. සීනි ආනයනය කරන ලැයිස්තුවේ ආයතන 67ක් තිබෙන අතර වැඩියෙන්ම සීනි ආනයනය කොට තිබෙන්නේ පිරමිඩ් විල්මා ආයතනයයි. එනම් සජාත් මවුසූන්ගේ ආයතනයයි. සීනි ආනයනයෙන් 40%ක් පමණම ගෙන්වන්නේ එම ආයතනයයි. එතැන තමයි රහස තිබෙන්නේ. සීනිවලට මෙතරම් ආදරේ, සීනිවලට මෙතරම් කෑදරේ ඇයි කියලා පොඩි ළමයෙකුට පවා තේරෙනවා.

 

පහුගිය 2020 අවුරුද්ද පුරාවටම සීනි ආනයනය කිරීමේදී ගොඩබාන මිල රු.90ට වඩා වැඩිවෙලා නැහැ. මුදල් අමාත්‍යාංශ වාර්තාවට අනුව 2021 පෙබරවාරි මාසයේ ගොඩබාන මිල රු.87.50ක් වෙනවා. රු.50ක බද්දක් ගැහුවොත් මිල වෙන්නේ රු. 137.50යි. නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ රු.50 බද්ද ඉවත් නොකළා කම් අද වෙළඳපොළේ සීනි කිලෝවක මිල රු.175ක් දක්වා ඉහළ යන බවයි. ඒක පට්ටපල් බොරුවක්. 100%ක් බදු ගැහුවොත් තමයි මිල 175ක් වෙන්නේ. දැන් මේ සිදුවුණු සීනි වංචාව වෙනත් අතකට හරවන්න විවිධ බොරු කියනවා. ආණ්ඩුව තව තර්කයක් ගේනවා, සීනි ගෙන්වීමේදී ඒකාධිකාරියක් තිබෙන නිසා අනෙකුත් ආයතනවලට මැදිහත් වෙන්න බැරි නිසා අසාධාරණයක් සිදුවෙනවා කියලා. නමුත් මුදල් අමාත්‍යාංශයේ වාර්තා වෙනවා සීනි ගෙන්වන ආයතනය 67ක් තිබෙනවා කියලා. එක් කෙනෙක් දෙන්නෙක් ලාබ ගත්තා කියලා ආණ්ඩුව හදන තර්කයක් පට්ටපල් බොරුවක්. ඒවා ජනතාව නොමග යවන්න හදන ප්‍රලාඵයන් පමණයි.

 

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන රු. බිලියන 15.9ට වඩා මෙම ගනුදෙනුවේදී පාඩුවක් සිදුවී තිබෙනවා. විල්මා ආයතනය විසින් ආනයනය කරන ලද සීනි සතොස ආයතනය විසින් මිලදී ගෙන තිබුණේ රු.120, රු.122, රු.127 වැනි මිල ගණන්වලටයි. නමුත් සතොස විකිණිය යුතුව තිබුණේ සීනි කිලෝව රු.85ටයි. එම පාඩුව ගණන් හදලා නැහැ. එය ජනතාවට සිදුවුණ පාඩුවක්. එතන අයථා ගනුදෙනුවක් නොතිබුණා නම් සතොස සභාපතිවරයා ඉවත් කරන්නේ ඇයි.? ඔහු සතොසෙන් ඉවත් කොට ජනාධිපතිවරයා ළඟට ගන්නේ ඇයි? පාරිභෝගික සේවා අධිකාරියෙන් රු.85ට සීනි විකිණිය යුතු බවට ගැසට් කොට තිබියදී එකසිය විසි ගණන් වලට සතොසට සීනි ගන්නේ දැනුවත්වමයි. එනිසා එතන අක්‍රමිකතාවයක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩුවට හිතවත් කල්ලියක් තමයි මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ. මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවුණේ මෙවැනිම වංචාවක්. මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කරවල පොලී ප්‍රතිශත වෙනස් කරන්න තීරණය කරනවා. බෑනට කියනවා, බැඳුම්කර වැඩිපුර ගන්න කියලා. මාමයි බෑනයි එකතු වෙලා ඒ ගනුදෙනුව කළා. එසේනම් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මහ බැංකුවට පුළුවන් පොලී ප්‍රතිශත වෙනස් කරන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ මේ වංචාව පිළිබඳ විවාදයේදී ෆුට්නෝට් කල්ලිය කිව්වේ මහබැංකු බැඳුම්කර සිද්ධියේදී අලාභයක් සිදුවූ බව වාර්තා කරන්න එපා කියලා. අවාසියක් සිදුවුණු බව වාර්තාවේ ලියන්න කියලා ෆු්ට්නෝට් කල්ලිය කිව්වා. දැන් සීනි බදු වංචාව කරපු අය කියන්නේත් මේක පාඩුවක් නෙවෙයි කියලා. බදු වෙනස් කරපු නිසා අවාසියක් සිදුවුණු බව පිළිගන්නවා. මේ දෙකේම වුණේ වංචාවක්.

 

මේ විල්මා කොම්පැණියටම සීනි ගෙන්වීමේ වාසිය යන්නේ කොහොමද? සජාත් මවුසූන් කියන්නේ කවුද? කුප්‍රකට ෂැංග්‍රිලා ගනුදෙනුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ඔහුයි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට කලින් සිංගප්පූරුවේ නැවතිලා බෙහෙත් ගන්නකොට එපාර්ට්මන්ට් පහසුකම් ලබාදුන්නේ ඔහු බව කියනවා. එතැන අන්තර් සම්බන්ධයක් පැහැදිලිවම තිබෙනවා. සීනි තොග තිබියදී බදු වෙනස්කොට සීනි ගෙන්වීමට අවස්ථාව සලසා දුන්නේ මුදල් අමාත්‍යාංශය දැනුවත්වමයි. එනිසා මහබැංකු බැඳුම්කර වංචාව හා සමානවම සීනි ගනුදෙනුවේ වංචාවක් සිදුවී තිබෙනවා. පහුගිය ආණ්ඩුව මහබැංකුව මංකොල්ල කෑවා. මේ ආණ්ඩුව සීනිවලින් මංකොල්ල කෑවා. උනුත් එකයි මුනුත් එකයි. භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛ නිකුත් කරලා සීමිත කල්ලියකට තීන්දු-තීරණ ගැනීමේ නීත්‍යානුකූල බලය හදන්නේ මෙවැනි කුප්‍රකට ගනුදෙනු සඳහා නීත්‍යානුකූල බලය ලබා දෙන්නද? එවැනි ක්‍රමවේදයක් හැදුවොත් මීට වඩා විශාල කුප්‍රකට ගනුදෙනු සිදුවෙන්න පුළුවන්. එයින් අහිමි වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. එනිසා ඉතාම පැහැදිලියි, මෙම බදු අඩුකිරීම් කළේ ජනතාවට සහන දෙන්න නොව වංචාවක් සිදුකිරීමට බව ඉතාම පැහැදිලියි. එනිසා අපි ආණ්ඩුවට කියනවා මේ පිලිබඳව විශේෂ පරීක්‍ෂණයක් කරලා මෙම තීන්දු තීරණ ගැනීමට හවුල්වූ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එසේ නොමැතිව විවිධ මාතෘකා හදලා ජනතා අවධානය වෙනතකට යොමු කරලා සීනි වංචාව යට ගහන්න උත්සාහ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

Leave A Reply

Your email address will not be published.