topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිකරණ යාන්ත්‍රණයට ‘විදේශීය විනිසුරුවන් අවශ්‍යයි.

Studio_20170104_075837

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.

එම නිර්දේශය ඇතුලත් වෙන්නේ අඟහරුවාදා විදේශ අමාත්‍ය මංගල සමරවීර වෙත භාර දෙනු ලැබූ කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් පූර්ණ වාර්තාවේයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පිහිටවෙන යාන්ත්‍රණයේ සෑම නඩු වාරයකදීම දේශීය විනිසුරුවන් බහුතරයක් සමග ‘අවම වශයෙන් එක් ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙක් සිටිනා බවට සහතික කළ යුතු’ බව වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයකි.

විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතු බවත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය යෝජනා කරයි.

“යුධ පරාධ හා මනුෂ්ඨාවයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ,” යනුවෙන්ද නිර්දේශවලට ඇතුලත්වේ.

ප්‍රවිචාරණයට සහභාගි වූ මහජන අදහස් සහ කාර්ය සාධක බලකායේ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව තිබුණු නමුත් අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා උත්සවයට සහභාගි නොවීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂනායක ආර් සම්බන්ධන්, ඩීඑම් ස්වාමිනාදන් සහ ඒඑච්එම් ෆවුසි අමාත්‍යවරුන්ද උත්සවයට සහභාගි වී සිටියහ.

අධිකරණයේ සහ විශේෂ උපදේශක කාර්යාලයේ විනිසුරුවරුන් ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජනකණ්ඩායම් නියෝජනය සහතික කළ යුතුය යන්න කාර්ය සාධක බලකායේ තවත් නිර්දේශයකි.

එමෙන්ම සාක්ෂි විභාග කිරීමේදී කාන්තාවන් සහ ළමුන් උදෙසා විශේෂ ව්‍යුහයක් සකස් කළ යුතු අතර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම තවත් නිර්දේශයකි.

වාර්තාව භාරදීමේ උත්සවය අමතමින් ඉතා හැඟීම්බර අදහස් දැක්වීමක් කළ සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම, භේද භින්න වේ තිබෙන ශ්‍රී ලාංකීය සමාජ දේහයේ තුවාල සුවපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

“අපේ ‘ගෙය’, ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක,” ඇය පැවසීය.

“වැදගත් වෙන්නේ, සම්පත් සහ අවස්ථා බෙදා හැරීමේදී,යුක්තිය සහ සාධාරණත්වය උඩ කටයුතු කරමින් සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජ සහ රාජ්‍ය ව්‍යහයන් ගොඩ නගා ගැනීමයි.”  වැඩි දුරටත් සඳහන් කළා ය.

(BBC ඇසුරෙනි.)

Leave A Reply

Your email address will not be published.