ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස්වරයා ලෙස පත්ව ආ රියාස් හම්දුල්ලා කථානායක කරු ජයසුරිය හමුවිය.
අසල්වාසී මිත්‍ර රටක් ලෙසත්, සමීප ආර්ථික සාමාජීය සබඳතා ඇති රටක් ලෙසත් දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමෙහිලා නව මහකොමසාරිස්වරයාට වැදගත් සේවාවක් ඉටු කල හැකි බව පෙන්වා දුන් කථානායකවරයා ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.