topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසියේ ඉහල නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

15940937_1918225768458987_8484307139267179952_n

 

පසුගිය ගිය දිනක අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා පොලීසියේ ඉහල නිලධාරීන් අතර හමුවක් පැවැත්විණි. එහිදී පොලීසියේ ඉදිරි වැඩසටහන් සහ පොලීසිය ජනතාවාදී අයුරින් වෙනස්විය යුතු ආකාරය පිලිබදව මෙන්ම  නවීන තාක්ෂණයෙන් පොලිසිය සන්නද්ධ වියයුතු බවද අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වාදෙනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොලීසිය ප්‍රධාන කරුණු තුනක් පිලිබදව අවධානය යොමුකළ යුතු බවයි. එනම්, පොලීසිය සැකසී ඇති ව්‍යුහය, පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් ක්‍රමවේදය සහ පොලිස් නිලධාරීන් සතුවිය යුතු ද්වී භාෂා හැකියාව යනාදියයි.

මෙම කරුණු පිලිබදව වැඩිදුරටත් අවධාරණය කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොලිසියේ අරමුණු සහ ඉලක්කකරා පහසුවෙන් ලගාවිය හැකි අයුරින් පොලිසිය තුල මනා ව්‍යුහයක් පැවතිය යුතු බවයි. එසේම නවීන තාක්ෂණයෙන් යුතු පොලිස් නිලධාරීන් බිහිවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මානා පුහුණුව පොලිස් පුහුණුවීම් ක්‍රමවේදය තුලින් සපයා දියයුතු බවද පෙනවදෙනු ලැබීය.

එමෙන්ම පොලීසිය වැඩි අවධානයක් යොමුකරමින් ද්වී භාෂා හැකියාව පොලිස් නිලධාරීන් තුල ඇතිකරගත යුතු බවත් ඒ සදහා වඩාත් උනන්දු වියයුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය. ඒ අනුව සිංහල පොලිස් නිලධාරීන්ට දෙමල භාෂාවෙන් රාජකාරි කටයුතු කළහැකි වියයුතු බවද පැවසිය.

මෙම කරුණු තුන ඇතිකරගන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට දිගු ගමනක් ඉතා සාර්ථකව යාමට අවස්ථාව උදාවන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එසේම පොලිස් රාජකාරි කටයතුවලදී කොට්ඨාශ මට්ටමින් පොලිසියේ බලය විමධ්‍යගත කිරීම තුලින් අනවශ්‍ය ලෙස කල්ගතවීම් වලින් තොරව රාජකාරි කලහැකිවන බවද පෙනවදෙනු ලැබීය.

පොලීසිය නීතිය හා සාමය ඇතිකිරීමට පමණක් සිමා නොවී මහජන සේවයට මැදිහත්වීමට කටයුතු කලයුතු අතර ඒ සදහා මනා සංවිධානාත්මක භාවයක් පැවතිය යුතු බවද පෙන්වාදුන් අගමැතිවරයා ප්‍රකාශ කලේ ඉදිරියේදී රටේ ප්‍රධාන නගර තුල හෙලිකොප්ටර් අංගන පිහිටුවීමට කටයුතු කරන බවත් එහිදී පොලීසියද හෙලිකොප්ටර් මගින් සිය මෙහෙයුම් මෙන්ම ජනතා සේවයද රටට ලබාදීමට කැපවී ක්‍රියාකලයුතු බවයි.

විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහිදී මෙසේ අදහස් දැක්විය.

පසුගිය කාලය තුල පොලීසිය සිය ඉලක්ක කරා ලගාවී ඇති නමුත් එහි යම යම් අඩුපාඩු පවතින බවත් ඒවා සකස්කරගත යුතු බවද අමාත්‍යවරයා පොලීසියට පෙන්වාදුන්නේය.

වත්මන් රජය මේවනවිට පොලිසියේ වැටුප් වැඩිකිරීමට ක්‍රියාකර ඇති බව පැවසු අමාත්‍යවරයා 2016 වසර තුල 17% කින් පොලිසියේ වැටුප් වැඩිකර ඇති බවත් මෙම වසරේදී තවත් 23% කින් වැටුප් වැඩිකර අයවැයෙන් ලබාදුන් 40% කා පොලිස් වැටුප් වැඩිකිරීම මෙම වසර තුලදී යථාර්තයක් බවට පත්කරන බවද පැවසීය.

දැනට පවතින පොලිස් පුහුණු වැඩසටහන් දියුණු වියයුතු බවද අමාත්‍යවරයා පේනවා දුන්නේය. දැනට පවත්නා පොලිස් පුහුණුවීම් ක්‍රමවේදය අනුව ඉහල පොලිස් නිලධාරීන්ට විවිධ පුහුණුවීම් පැවතියද පහළ පොලිස් නිලධාරීන්ට පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් ලබාදෙන මූලික පුහුණුව හැරුණු විට ඉන්පසු නැවත අවස්ථාවන්හිදී නිසි පුහුණුවීම් ලබාගැනීමේ අවස්ථා අඩු බැවින් ඒ සදහා නව පුහුණුවීම් ක්‍රමවේදයක අවශ්‍යතාවය පෙන්වාදෙනු ලැබීය. ඒ අනුව උසස් පොලිස් නිලධාරීන්ට මෙන්ම පහළ පොලිස් නිලධාරීන්ටද මූලික පුහුණුවෙන් පසු නැවත නැවතත් පුහුණුවීමේ අවස්ථා ලබාදීමට නව ක්‍රමවේදයක් සකස්කරන ලෙසටද අමාත්‍යවරයා විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරින්ට එහිදී උපදෙස් දෙනු ලැබීය.

එසේම නවීන තාක්ෂණයෙන් යුතු පුහුණු ක්‍රමවේද සැකසීමටත් ඒ සදහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුලු යුරෝපයේ දියුණු රටවල් රැසකින් ඉහල මට්ටමේ තාක්ෂණික උපදෙස් ලබාගත හැකි බවත් පේනවා දුන්නේය. ඒ අනුව පොලිස් නිලධාරීන් ඉහල මට්ටමේ පුහුණුවකට ලක්කළ යුතු බව අමාත්‍යවරයා විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හට පෙන්වාදෙනු ලැබීය. අමාත්‍යවරයා පෙන්වාදුන්නේ පොලීසිය විසින් දියුණු තාක්ෂනය අත්පත්කර ගනිමින්  තාක්ෂණයෙන් සන්නද්ධ වියයුතු බවයි.

එමෙන්ම වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුලද සයිබර් අපරාධ බහුලවී ඇති බවත් ඒවාට මුහුණදීමට අවශ්‍ය තාක්ෂනය සහ දැනුම අතින් ශ්‍රී ලංකා පොලීසිය දියුණු වියයුතු බවද අවධාරණය කළේය. වත්මනයේ පොලීසිය තුල පවතින දැනුම සයිබර් අපරාධ මැඩලීම සදහා ප්‍රමාණවත් නොවන බව පැවසු අමාත්‍යවරයා කියා සිටියේ සයිබර් අපරාධකරුවන්ට වඩා පොලීසිය දැනුමින් සහ තාක්ෂණයෙන් සන්නද්ධ වියයුතු බවයි. එමෙන්ම සයිබර් අපරාධ මැඩලීමට විශ්ව විද්‍යාල ඇතුලු වෙනත් ආයතන සමග පොලීසිය එක්ව කටයුතු කිරීමට අදාල ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවද පෙන්වා දුන්නේය.

අනතුරුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිය ගැටලු සහ අදහස් දැක්වීම සිදුකරනු ලැබීය.

සුරාබදු වැටලීම් නිරන්තරයෙන් සිදුකලද සුළු දඩ මුදලක් ගෙවා නිදහස්වී නැවතත් ඔවුන් එම ක්‍රියාවෙහිම නිරතවන බව පෙන්වා දුන්නේය. එනම් සුරාබදු වැරදි සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ 1964 වසරේදී නිකුත් කරන ලද ගැසට් පත්‍රයකට අදාල දඩ මුදලක් බවත් එම දඩ මුදල සුළු මුදලක් වන නිසා එම දඩ මුදල ගෙවා දමා නැවතත් අනවසර මත්පැන් නිපදවිමෙහිම නිරතවන බව පෙන්වා දුන්නේය. ඒ අනුව සුරාබදු දඩ මුදල් සංශෝධනය කිරීමට ක්‍රියාකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් සාගල රත්නායක අමාත්‍යතුමන්, අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතාට උපදෙස් දෙනු ලැබුවේ මත්පැන් සහ සෙසු මත්ද්‍රව්‍ය වැරදි සදහා දැනට පවතින අවම දඩ මුදල් ඉහල දැමීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එසේම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පැවසූ තවත් ගැටලුවක් වූයේ නිරන්තරයෙන් කොළඹ නගරයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමට ක්‍රියාකිරීම තුලින් රථවාහන තදබදය ඇතුලු මහජනතාවට පීඩාකාරී තත්වයක් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව නිරන්තරයෙන් කොළඹ කොටුව, පිටකොටුව සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල මෙම ගැටලුව බහුලව උද්ගතවන බවයි. මෙම ගැටලුව සැලකිල්ලට ගත් අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබුවේ මෙම ප්‍රදේශ අතරින් සුදුසු ස්ථාන දෙකක් තොරගෙන ඒවා මහජනතාවට උද්ගෝෂණ, විරෝධතා දැක්වීමට හැකි ස්ථාන ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලෙසයි.

පොලිස් ප්‍රධානීන් සහ  අග්‍රාමාත්‍යතුමන් අතර පැවති මෙම සාකච්ජාවට විෂය භාර අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය ස්වාමිනාදන්  මෙන්ම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර  සහ පොලිස්පති පූජිත් ජයසුන්දර  ඇතුලු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද සහභාගිවී විය.

15940783_1918225885125642_3423707004145411560_n    15941315_1918226225125608_4949082818933584839_n

Leave A Reply

Your email address will not be published.