මාස් කන්නයේ පැවති නියඟය සහ විවිධ කරුණු මත වගා හානි වූ ගොවියන්ට අක්කරයක් සඳහා රුපියල් 50,000ක වන්දියක් වහා ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය 09වනදා අනුරාධපුරායෙන් ඇරඹි ගොවි විරෝධතා මාලාවේ තවත් එක්වි රෝධතාවයක් ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධාය කර තිබූ එම උද්ඝේෂණය සඳහා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු ගොවිනායකයින් පිරිසක් සහ ප්රදේශයේ ගොවිජනතාව සහභාගි විය.