topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට සුබ දිසාවකට පරිවර්තනය කිරීම සඳහා වූ දේශපාලනයක් අපට අවශ්‍යයි…අනුර කුමාර දිසානායක.

අපි සියලු දෙනාම විවිධ අරමුණුවල සිටියත්, අපේ රට පිළිබඳවත්, ජනතාව පිළිබඳවත් තිබෙන්නේ පොදු හැඟීමක්. මේ ආකාරයෙන් තවදුරටත් ගියොත් අපට අපේ රටට, ජනතාවට ඉදිරියට යාමට බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ රටේ වෙනසකට පරිවර්තනය කළ යුතුමයි. ඒ පිළිබඳ අපි අතර මත ගැටුමක් නැහැ. එය වෙනස් කළ යුතු යැයි අපි හැමදෙනාම පිළිගන්නවා. තවදුරටත් මේ ආකාරයට ඉස්සරහට යා නොහැකි බව අපි මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයෙන් පෙන්නුම් කර තිබෙනවා. දෙවැනි කරුණ මේ වගේ දේශපාලන අධිකාරිත්වයන්ගෙන් ඉදිරියට යන්න බැරි බව ගොඩනැගී තිබෙන දේශපාලන සංස්කෘතියෙන් පෙන්නුම් කරනවා. අපේ රටේ එදිනෙදා සිදුවෙන සමාජ ඛේදවාචකයන්ගෙන් පෙන්නුම් කරනවා, සමාජයක් හැටියට අපට ඉස්සරහට යා නොහැකි බව. ඒ නිසාම ආර්ථික දේහයේත්, දේශපාලන දේහයේත්, සමාජ දේහයේත් නව පරිවර්තනයක් අපට අවශ්යයි. මේ ප්රශ්නය තිබෙන්නේ ආර්ථික තලයේ පමණක් නොවෙයි. ආර්ථික සාධකය දේශපාලන සාධකයටත්, දේශපාලන සිදුවීම් සමාජයටත් බලපානවා. මේ ප්රශ්න තුන එකිනෙකට වෙළී රටක් හැටියට, සමාජයක් හැටියට ප්රපාතයට ගමන් කරමින් තිබෙනවා. මේ ගමන් කරන මාවතෙන් අපේ රට මුදාගෙන සුබ දිසාවකට පරිවර්තනය කිරීම සඳහා දේශපාලනයක් අපට අවශ්යයි.
අපි කවුරුත් මුහුණ දී තිබෙන ගැඹුරුතම ප්රශ්නය ආර්ථිකය අර්බුදය. ආර්ථික අර්බුදය ආකාර දෙකකින් ප්රකාශයට පත්වෙමින් තිබෙනවා. එකක් තමයි රටට වසරකට අවශ්ය වන ඩොලර් ප්රමාණය රට උපයන්නේ නැතිවීම. ආණ්ඩුවට අවශ්ය වෙන රුපියල් ප්රමාණය, ආණ්ඩුව උපයන්නේ නැති වීම. අපට ලෝකයේ හුදකලා වී ජීවත් විය නොහැකියි. ලෝකය නිෂ්පාදන දාමයකින් ගැටගැසී තිබෙනවා. ලෝකයත් සමග එකට යනවා නම් අනිවාර්යයෙන්ම ලෝකයේ නිෂ්පාදන දාමයත් සමග සම්බන්ධ විය යුතුයි. ලෝකයේ සෑම රටකම ආනයනය, අපනයනය කියන්නේ යථාර්ථයක්. එය විකෘතියක් නොවෙයි. ඒ ගනුදෙනු සඳහා අපට ඩොලර් අවශ්යයි. එම ගනුදෙනුවලින් ඩොලර් උපයා ගත යුතුයි. අපි මුහුණ දී තිබෙව දැවැන්තම අර්බුදය තමයි, වසරකට අපට අවශ්ය වන ඩොලර් ප්රමාණය උපයා ගැනීමට අපි සමත් වෙලා නැහැ. දෙවන කරුණ ලෙසට, ආණ්ඩුවක් හැටියට වසරකට ආණ්ඩුවට වියදම් කිරීම සඳහා අවශ්ය වෙන මුදල් ප්රමාණය ඉපයීමට සමත් වී නැහැ. උදාහරණයක් ගතහොත් මෑත ආව වසර මැද මූල්ය වාර්තාවේ කියනවා, ආණ්ඩුවේ පළමු කාර්තුවේ භාණ්ඩාගාරයට ලැබුණු ආදායමත්, භාණ්ඩාගාරය දරපු වියදමත් අතර, වෙනස රුපියල් බිලියන 820ක් බව. ඒ කියන්නේ භාණ්ඩාගාරයට ලැබුණු මුදලට වඩා, භාණ්ඩාගාරය වියදම් දරා ඇති බව. බිලියනයක් යනු කෝටි 100ක්. එසේ නම් පළමු කාර්තුවේ දරා ඇති වියදම කෝටි 82,000ක්. අර්බුදය මතු වුණේ මෙතනින්. මෙහෙම සිදුවුණේ දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්තියේ වැරැද්ද නිසා.
අපි ඩොලර් ප්රමාණයක් උපයා ගන්නේ කොහොමද? ඩොලර් උපයා ගැනීම සඳහා විදේශීය වෙළඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලින් පංගුවක් අපි අත්පත් කර ගත යුතුයි. එසේ නොමැතිව ඩොලර් ඉපයීම කළ නොහැකියි. 1977 සිට මේ දක්වා බැලුවොත් ලෝක වෙළඳපොළේ අපේ පංගුව හැකිළුණා. 1977 ලෝක වෙළඳපොළේ අපේ පංගුව 0.5%යි. ඒ කියන්නේ ඩොලර් 200ක වෙළඳාමක් සිදුවුණා නම් ඩොලර් එකක් ගලාගෙන ආවා. අද ලෝක වෙළඳපොළේ අපේ පංගුව 0.05%යි. ලෝකය සමග ඩොලර් 2000ක වෙළඳාමක් සිදුකළහොත් අපට ඩොලර් 01ක් ගලාගෙන එනවා. සිදුවුණේ මොකක්ද? අපේ රටේ ලෝක වෙළඳපොළේ පංගුව, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ක්රමානුකූලව හැකිළෙන්න පටන් ගත්තා. මේක තමයි අපි මුහුණ දුන් ප්රධාන ප්රශ්නය. අපිට අවශ්ය ඩොලර් ප්රමාණය උපයා ගන්න අපි සමත් වුණේ නැහැ. ඒකෙත් විශේෂත්වයක් තිබෙනවා. ලෝක වෙළඳපොළ අපට අත්පත් කර ගන්න හැකියාව තිබෙන්නේ ඒ මොහොතේ ඒකට අවතීර්ණ වුණොත් පමණයි. එසේ නොමැතිව වෙළඳපොළ බෙදිලා, වෙළඳපොළේ විශාල සන්නාම හැදී තිබෙන වෙලාවක ඒ මාර්කට් එකට අවතීර්ණ විය නොහැකියි. උදාහරණයක් හැටියට සෙලියුලර් ෆෝන් එක ගත හැකියි. ෆෝන් එක අපේ අතට එන්නේ කුඩා බට්ටා ෆෝන් එකක් හැටියට. කොරියාව බට්ටා ෆෝන් එක නිෂ්පාදනය කර මාර්කට් එකට එනවා. හැබැයි ෆෝන් එකේ තාක්ෂණය පිමි හැටියට වර්ධනය වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ එම තාක්ෂණය අත්පත් කර ගනිමින් මාර්කට් එක අත්පත් කර ගන්නවා. දැන් ෆෝන් වෙළඳපොළ තිබෙන්නේ ඉතාමත් දියුණු තාක්ෂණයක් සහිත සන්නාම සහිත දියුණු වෙළඳපොළක්. දැන් අපට ඒකට යා නොහැකියි. අපිට තිබෙන්නේ වෙළඳපොළේ ඇති වෙන නව අවස්ථා අත්පත් කර ගැනීමයි. කාර් වෙළඳපොළ ගත්තත් එහෙමයි. කාර් වෙළඳපොළත් ලෝකේ ප්රාථමික අවධියේදී අපි ඒ මාර්කට් එකට එන්න ඕනෙ. මාර්කට් එක පටන් ගන්න, මාර්කට් එක පළල් වෙන අවස්ථාවේදී එයට අවතීර්ණ වෙන්න ඕනෑ. හැබැයි ඒ මාර්කට් එක බෙදිලා, සන්නාම හැදිලා, තරගකාරිත්වය පුළුල් වූ වෙලාවක, තාක්ෂණය දියුණු වූ වෙලාවට එයට අවතීර්ණ විය නොහැකියි. දිගු කාලයක් අපේ රට පාලනය කළ පාලකයො, ලෝක වෙළඳපොළේ ඇතිවෙන අවස්ථාව අත්පත් කර ගැනීමට සමත් වුණේ නැහැ. පිටිපස්සෙන් හඹාගෙන ගොස් එය අත්පත් කර ගත නොහැකියි. තවත් උදාහරණයක් ගතහොත් ලෝක වෙළඳපොළේ වර්ධනය වෙන්න පටන් ගත්තා, සේවා මාර්කට් එකක් හැටියට ‘අයි.ටී.’ මාර්කට් එක. අද එය පරම්පරා දහයක පමණ තාක්ෂණ වර්ධනයක් තිබෙනවා. අපි දැන් ‘අයි.ටී.’ මාර්කට් එකට දුරයි. නමුත් ඉන්දියාව, 3ඨ, 4ඨ, 5ඨ, ෆයිබර් කිසිවක් නැති වෙලාවක ලෝකයේ අයි.ටී. මාර්කට් එකට සැලසුමක් හදනවා. අයි.ටී. මාර්කට් එකේ තාක්ෂණය වර්ධනය වෙන කොට, තමන් හදා ගත් මාර්කට් එකේ තාක්ෂණය වර්ධනය කරමින් ඉස්සරහට එනවා. එනිසා අද ගූගල් ආයතනයේ ප්රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්. ලෝකයේ ප්රධානම මෘදුකාංග සමාගම්වල උඩින්ම ඉන්නේ ඉන්දියානුවන්. ඒ මාර්කට් එක විවෘත වන වෙලාවේදී එයට අවතීර්ණ විය යුතුයි. ඒ නිසා ආර්ථික අර්බුදය පමණක් නොවෙයි, ආර්ථික අවස්ථා මේ පාලකයන් විසින් අත්හැර තිබෙනවා. ඒ නිසා ලෝකයේ මතුවෙන නව ආර්ථික අවශ්යතා අත්පත් කර ගැනීම වෙනුවෙන් අපිට අලුත් ආර්ථික ගමනක් අවශ්ය වෙනවා.
පසුගිය කාලයේ ලෝකය දෙස බැලුවහොත් වසංගත හේතුවෙන්ද, යුද්ධ විසින්ද, දේශපාලන කැළඹිලි විසින්ද ලෝකයට ආර්ථික අවපාතයන්ට මුහුණ දීමට සිදුවුණා. අද යුක්රේනය සහ රුසියාව පදනම් කරගෙන යුරෝපයේ වෙළඳපොළ හැකිළෙමින් තිබෙනවා. එක්සත් ජනපදයේ වෙළඳපොළ හැකිළෙමින් තිබෙනවා. නමුත් ඒ සෑම තත්වයක් ඇතුලේම ඒ අභියෝගයට මුහුණ දෙන රටවල් කිහිපයක් හඳුනාගත හැකිව තිබෙනවා. එකක් ඉන්දියාව. යුද්ධ ඇතිවුණත්, වසංගත තත්වයන් ඇති වුණත් ඔවුන්ට ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබෙනවා. මෑතකදී ආ ඉන්දියානු වර්තාවක දුටුවා 2047 වෙන විට ලෝකයේ බලවත්ම ආර්ථිකය නිර්මාණය කරන බව. ඒ ඔවුන් නිදහස ලබා වසර සියය සම්පූර්ණ කරන විට. ඉන්දියාව රටක් හැටියට ගත්තොත් පොහොසත්. ජනතාවක් හැටියට දුප්පත්. ඒක දේශපාලන ප්රශ්නයක්. ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව, චීනය මේ රටවල් පහම මෑත කාලයේ පැවති යුදමය තත්වයන් හමුවේ, දේශපාලන කැළඹිලි තත්වයන් හමුවේ, වසංගත තත්වයන් හමුවේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගත්තා. එහි ප්රධාන සාධකය වුණේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදි වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත්වීමයි.
ඒ රට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමෙන් උපයන ධනය සාධාරණ ලෙස පහළට ගලාගෙන යා යුතුයි. ඒක වෙනම කතාවක්. ධනවාදී හෝ සමාජවාදී හෝ වේවා එම රටවල් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වර්ධනයන් අත්පත් කරගෙන තිබෙනවා. ඒ අයගේ ප්රතිපත්ති අනුව, උත්පාදනය කරන ධනය කුඩා කණ්ඩායම් අතර සංකේන්ද්රණය වී තිබෙනවා. අම්බානි අත, විජේ මල්ලියා අත, අදානි අත විශාල ලෙස ධනය එකතු වී තිබෙනවා. ඒ වගේම වැසිකිළි පහසුකම් නැති ජනතාවක් ජීවත් වෙනවා. එහි රට පොහොසත්, ජනතාව දුප්පත්. අපේ රටත් දුප්පත්, ජනතාවත් දුප්පත්. අඩුම තරමේ මේ පාලක කණ්ඩායම් රට පොහොසත් කිරීමටවත් සමත් වුණේ නැහැ. ඒ නිසා අපට තල දෙකක නව ආර්ථික ක්රමයක් අවශ්යයි. එකක් ග්රාමීය ජනතාවගේ දුප්පත්භාවයට උත්තර සොයන්නේ කොහොමද?
මෑතකදී අපට මහ බැංකුවෙන් වාර්තාවක් ආවා, ජනගහනයෙන් 68%ක්. තමන්ගේ කන වේල් ප්රමාණය අඩුකර තිබෙනවා. එහෙම නැතිනම් වේලට ගන්න ආහාර ප්රමාණය අඩුකර හෝ වේල් තුනම රුචි නොවන ආහාර ගන්නවා. ඒ කියන්නේ මූලිකවම අවශ්ය වන ආහාර 68%කට සපයා ගන්න නොහැකි වෙලා තිබෙනවා. ග්රාමීය දුප්පත්භාවය ප්රධාන ප්රශ්නයක් වෙලා තිබෙනවා. ජනගහනයෙන් 40%ක් තම දරුවන්ගේ අධ්යාපන වියදම් කපා හැර තිබෙනවා. අද ගුරුවරු පවසනවා පාසලට පැමිණෙන ළමයින්ගේ ප්රමාණය අඩුවෙලා තිබෙන බව. ටියුෂන් පන්තියට ළමයින්ගේ පැමිණීම අඩුවී තිබෙනවා. සමහර දෙමව්පියන්ට තම දරුවන්, පෞද්ගලික පංතියටත් පාසලටත් දෙකටම යැවීමට නොහැකි නිසා පෞද්ගලික පංතියට පමණක් යවනවා. මෙයින් පෙනෙන්නේ ග්රාමීය දුප්පත් දරුවන්ට අධ්යාපනය ලබාගත නොහැකි වෙලා තිබෙන බව. ජනතාවගෙන් 40%කට සෞඛ්ය වියදම් කපා හැරීමට සිදුවීම නිසා ජනතාව මියැදෙනවා. අපට දුප්පත්භාවය පිළිබඳ ගැඹුරු ප්රශ්නයක් තිබෙනවා. මේ ග්රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට, අපට නව ආර්ථික සැලැස්මක් අවශ්ය වෙනවා.
ග්රාමීය දුප්පත්භාවය තුරන් කරන්නේ ගමේ ජනතාව කොළඹට කැඳවලාද? ගමේ ජනතාව පෝට් සිටියට කැඳවලාද? ග්රාමීය දුප්පත්භාවය තුරන් කළ හැක්කේ නව ආර්ථික ප්රභවයන් හඳුන්වාදීමෙන් පමණයි. නව ආර්ථික අවස්ථා තියෙන්න ඕනෑ. අපේ ජාතික ආර්ථිකයෙන් 36%ක් දෙන්නේ බස්නාහිර පළාතෙන්, 5%ක් උතුරු මැද පළාතෙන්, 9%ක් වයඹ පළාතෙන්, 4%ක් ඌව පළාතෙන්. උතුරු මැද පළාත විශාල පළාතක්. ජනගහනයක් ඉන්නවා. සම්පත් තිබෙනවා. නමුත් ජාතික ධනයට එම පළාතෙන් ලබාදෙන්නේ 5%ක්. ඒ නිසාම ඒ ජනතාවට පෙරළා ප්රතිලාභ ලැබෙන්නේ තමන් ආර්ථිකයට හවුල්වෙන ප්රමාණයෙන්. අපි සැලසුම් කර තිබෙනවා ග්රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික සැලසුමක්. ගාල්ල සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, කුරුඳු වගාව, කුඩා තේ වතු වගාව, කළ හැකි ආර්ථික අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ලංකාවේ සෑම පළාතකටම ඒවාට ආවේණික කර්මාන්ත ගණනාවකට අවස්ථා තිබෙනවා. අපේ රටට නව සංවර්ධන ආර්ථිකයක් අවශ්යයි. ගමකට ඕනෙ ඩිවලොප්මන්ට් යුනිට් එකක්; සංවර්ධන ඒකකයක්. ඒකෙ ඉංජිනේරුවෙක්, වෛද්යවරයෙක්, අධ්යාපනඥයෙක්, සාහිත්යධරයෙක්, සැලසුම් ශිල්පියෙක් මේ හැමෝම එකතු වෙලා ඒ කලාපයට අවශ්ය සංවර්ධන සැලසුමක් හදන්න අවශ්යයි. අපේ තිබෙන සාම්ප්රදායික ව්යුහය වෙනුවට, පරිපාලන ඒකකය වෙනුවට ගමට අවශ්ය සංවර්ධන ඒකකයක්. එහි පිහිටීම, සම්පත්වල ස්වභාවය, ආර්ථික ස්වභාවය, එහි තිබෙන විෂමතාවය, සංස්කෘතික තත්වය, මේ අනුව සංවර්ධන ඒකක දාහකට බෙදන්න පුළුවන්. සංවර්ධන ඒකක දාහක් හැදුණු විට ඒ සංවර්ධන ඒකක, නැතිනම් ඒ කණ්ඩායම් අවුරුදු පහකට අපේ කලාප සංවර්ධනය කිරීමට අවශ්ය සැලැස්ම සකස් කර අපට යෝජනා කරනවා. භාණ්ඩාගාරයෙන්, විදෙස් සබඳතාවලින් ලැබෙන මූල්ය ප්රතිපාදන අර සංවර්ධන ඒකකයට ගලාගෙන යා යුතුයි. එහිදී අලුත් ජවය සහිත තරුණ පිරිස් සංවර්ධන ඒකකයට පත්කර, ඒ ගොල්ලන්ට ඉලක්කයක් දෙනවා, ක්රියාවට නඟන්න. ග්රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මේක අපේ ජාතික සැලැසුමක්.
ගමේ දුප්පත්භාවය තුරන් කිරීමෙන් රටේ දුප්පත්භාවය තුරන් කිරීමට යම් ප්රමාණයකින් ඉවහල් වෙනවා. එහෙත් රටේ දුප්පත්භාවය තුරන් කිරීමට ඊට වඩා සැලසුමක් අවශ්ය වෙනවා. ඒ සඳහා රටේ පිහිටීම, ප්රධාන වශයෙන් නාවුක කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ලෝකයේ දියුණු ශ්රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම, ලෝකයේ භාණ්ඩ වෙළඳපොළ වෙත අවධානය යොමු කිරීම. යුරෝපය, ඇමෙරිකාව භාණ්ඩවල ගුණාත්මකභාවය සලකා බලන නිසා එම රටවල භාණ්ඩ වෙළඳපොළ අත්පත් කර ගැනීමට නොහැකියි. නමුත් අපට නව වෙළඳපොළක් අප්රිකානු කලාපයේ ඇතිවී තිබෙනවා. අප්රිකානු කලාපයේ තානාපති කාර්යාල ආරම්භ කළහොත් ඒ කළාපයේ වෙළඳපොළ අත්පත් කර ගත හැකිව තිබෙනවා. ඒ සඳහා හොඳම අවස්ථාව දැන් උදාවී තිබෙනවා. තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමේ වැදගත්ම දේ තමයි වෙළඳ සබඳතා ඇතිකර ගැනීම. ග්රාමීය දුප්පත්භාවය තුරන් කිරීමටත්, රටේ දුප්පත්භාවය තුරන් කිරීමටත් නව ආර්ථික සැලැස්මකට යා යුතුව තිබෙනවා.
වර්තමාන දේශපාලනය අන්ත දූෂිත, විනාශකාරී දේශපාලනයක් බවට පත්වී තිබෙනවා. මේ දේශපාලනය පිරිසිදු කළ යුතුව තිබෙනවා. එය අපට කළ හැකියි. අද අසන ප්රවෘත්තිවල ප්රධානම පංගුව තිබෙන්නේ සමාජ ඛේදවාචකයේ. මෙය නිර්මාණය වුණා නොවෙයි. නිර්මාණය කළා. 1978 ජේ.ආර්. ජයවර්ධන මේ ආර්ථිකයට මෙ රට ඇතුල් කරන අවධියේ ප්රබුද්ධ සංවාදයක් තිබුණා, ජේ.ආර්.ගේ මේ ආර්ථික ගමන විසින් නරුම මිනිස් සමාජයක් හදන බවට. මේ අද ඉන්නේ ඒ සමාජය. අපට මෙහි වෙනස දැනෙන්නේ නැහැ. 1978 සිට ආ මේ ගමනේ සමාජ ඛේදවාචකය අපට පේන්නේ නැහැ. අපි ඒ ඇතුලේ ජීවත් වෙමින් එයට අනුවර්තනය වෙමින් ජීවත් වෙලා තිබෙන නිසා. 78 ආර්ථිකයේ ප්රධානම හරය තමයි මිනිස්සුන් තුළ ඇති කළ ආත්මාර්ථකාමිත්වය. ජේ.ආර්. හිතුවා මේ ආත්මාර්ථකාමිත්වය අවුස්සා, හඹාගෙන යන මේ තරගයට දැමූ විට ආර්ථිකය උඩට එයි කියලා. ඒකට අවශ්ය න්යායන්, ආර්ථික දේශපාලන පරිවර්තනයන් ඇති කළා.
ජේ.ආර්. කිව්වා “තවදුරටත් ඉතිහාසය ඉගෙන ගෙන වැඩක් නෑ. රුපියලක්වත් හම්බ කරන්න බෑ” කියලා. ඒ ආකාරයෙන් මුදල් හෙවීම කියන ආත්මාර්ථකාමිතවයට මෙ සමාජය තල්ලු කළා. සියල්ල මුදල මත තීරණය වෙන සමාජයක් නිර්මාණය කළා. ඒ කියන්නේ මහපොළොව එක්ක ඓන්ද්රිය මිනිස්සු වැඩක් නැහැ. මේ තරගයට යන මිනිස්සු විතරයි අවශ්ය. ප්රේමදාස ජනාධිපති කිවුවා “මට ඉංජිනේරුවන් වැඩක් නැහැ. වඩු බාස්ලා හිටියොත් ඇති.” ඒ ආර්ථිකයට නිර්මාණශීලීන් අවශ්ය නැහැ. අලුත් දේ හොයන කෙනා අවශ්ය නැහැ. ඇණයක්, මුරිච්චියක් හයි කරනන කෙනෙක් හිටියොත් ඇති. ජනාධිපති චන්ද්රිකා කිවුවා “කලා උපාධිය හදාරලා කන්න හම්බු වෙනවාද” කියලා. මේ නායකයෝ, හඹාගෙන ගොස් මුදල් උපයන සමාජයකට ජනතාව තල්ලු කළා, මේ ගොල්ලෝ හිතුවා, ආත්මාර්ථකාමිත්වය අවුස්සන එක ආර්ථිකයේ එන්ජින් එක කියලා. ඒකෙන් සිදුවුණේ සමාජයේ තිබූ පොදුභාවය, සාමූහිකත්වය මුළුමනින්ම බිඳ වැට්ටීමයි. ඉස්සර අපි එකට එකතු වෙලා පාඩම් කරනවා. අද අනෙක් ළමයාට හොරෙන් පාඩම් කරනවා. ඇයි මේ? මේ ඇති කර තිබෙන තරගය. වසර 40කට වැඩි කාලයක් මේ තුළ තල්ලු වී ඇවිත් පොදු මිනිස් ගුණාංග සියල්ල “මුදල් නැමති අයිස් වතුරේ ගිල්වා මරා දමා” තිබෙනවා. අද අප හමුවේ තිබෙන්නේ මොකක්ද? අනෙකා කෙරෙහි තිබෙන ලෙංගතුභාවය, සියලු සමාජ ගුණාංග, මේ සියල්ල අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා.
නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසියේ ඉහළින්ම සිටින පස්දෙනාටම නඩු. හය, හතට නඩු නැහැ. නැවතත් අටවැන්නාගේ සිට නඩු. මහා ගරු බුහුමන් ලබන, නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන. මුදල් මත හඹා යාම නිසා මෙ පද්ධතිය ඇතුලේ තවදුරටත් ඒවා ආරක්ෂා වෙන්නේ නැහැ. දෙමව්පියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ ශිෂ්යයන් අතර, සබඳතාවය බිඳ වැටෙන්න පටන් ගත්තා. පොදු ප්රවාහනය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 74%ක් බස් එකේදි හෝ කෝච්චියේදි එක වරක් හෝ ලිංගික හිංසනයට පත්වෙලා තිබෙනවා. තමන්ගේ නැගණියක්, සොහොයුරියක්, දියණියක් දෙස බලනවා වෙනුවට තමන්ට ඩැහැගන්න පුළුවන් ගොදුරක් දෙස බලන සමාජයක් නිර්මාණය කර තිබෙනවා. සහකම්පනය නැති සමාජයක් ඇති වෙලා. ඇස්වල පෙනීම දුර්වල නිසා නුවරඑළියේ රෝහලට ප්රතිකාර ගන්න ගිය අයගෙන් දහදෙනෙක් අන්ධභාවයට පත්වෙලා. කිසිවෙකුට කම්පනයක් නැහැ. කෙහෙලිය රඹුක්වැල්ල කියනවා ඇස් අන්ධ වුණු අයට වන්දි ගෙවන බව. වන්දියක් නොවෙයි ඒ අයට අවශ්ය. ඇස්වලට පෙනීමයි අවශ්ය. නිර්වින්දන බෙහෙත් ලබාදීමෙන් තරුණිය මිය යනවා. එය ප්රවෘත්තියක් පමණක් බවට පත්වෙලා. කිසිවෙකු තුළ කම්පනයක් නැහැ. මෙවැනි සමාජයකට ඉස්සරටහට යා හැකිද?
2020 අගෝස්තු මහ ඡන්දය පැවැත්වූවා. අගෝස්තු 01වැනිදා නඩු තීන්දුවක් ආවා. රත්නපුරේ මැතිවරණයේදී තරුණයෙක් ඝාතනය කළ වරදට පේමලාල් ජයසේකරට එල්ලුම ගහ නියම වුණා. අගෝස්තු මහ ඡන්දෙදි එයා දිස්ත්රික්කයෙන් වැඩම මනාප අරගෙන පාර්ලිමේන්තුවට එනවා. මේ දිස්ත්රික්කවලින් මේ අපරාධකරුවන් පාර්ලිමේන්තුවට එනනේ කොහොමද? මේ සියල්ල මුදල් මත තීරණය ගැනීම නිසා. මහා පරිසර හානිය කරන කෙනා, මිනීමරුවන් පාර්ලිමේන්තුවට එනවා. මේ එන්නේ අර අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්ති විසින් නරුම සමාජයක් නිර්මාණය කිරීම නිසා. එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වුණා. හේතුව මොකක්ද? කොවිඩ් වසංගත කාලයේ දුරස්ථභාවය රැකීමට නීති පණවා තිබෙන අතරවාරයේ ඔහු තම නිවසේ පාටියක් දැමීම. පරීක්ෂණයට පටන් ගැනීමට පෙර ඔහු ඉල්ලා අස්වුණා. අපට ප්රතිසංස්කරණ කර ගැනීමට නොහැකි තරමේ සමාජ ඛේදවාචකයක් තිබෙනවා. අනෙකා පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක් බිහි වී තිබෙනවා.
සෑම රටක්ම ප්රධාන අවධානය යොමු කරන්නේ මිනිස් ජීවිත ආරක්ෂා කිරිමට. යුද්ධය ඉවර වුණේ 2009 මැයි මාසේ 19දා. මේ අවුරුදු 23ට යුද්දෙන් මිය ගිය ප්රමාණයට වඩා වැඩියි වාහන අනතුරුවලින් මිය ගිය ප්රමාණය. කම්පනයක් නැහැ. වියළි සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. ආතතියෙන් ජීවත් වන සමාජයක් වී තිබෙනවා. ආත්මාර්ථකාමී, තරගකාරිත්වයෙන් පිරුණු සමාජයට තල්ලු කරා. මිනිසුන්ගේ අධ්යාත්මය, ලෙන්ගතුකම, සහකම්පනය විනාශ කළා. ආර්ථිකයට කරන ලද විනාශය ඉක්මනින් සුවපත් කළ හැකියි. නමුත් සමාජයට කරන ලද විනාශය සුවපත් කිරීමේ විශාලතම අභියෝගයක් අපට තිබෙනවා.
පසුගිය වසරේ මිනිසුන් විසින් අලි 439ක් ඝාතනය කර තිබෙනවා. මිනිසුන් 146ක් මියගොස් තිබෙනවා. අපට අවශ්යයි මේ සමාජය යහපත් කරන්න. පසුගිය කාලයේ පන්සල්, හාමුදුරුවරු ආශ්රිතව පැනනැගී තිබෙන සිදුවීම් ගැන පුදුම වෙන්න ඕන නැහැ. මේ නරුම සමාජයක් ඇතුලේ පන්සල, පොලීසිය, අධිකරණය බේරෙනවාද? ගෞරවාදරයට පත්වී තිබෙන සියලු සංස්ථා කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. මේ සමාජ ඛේදවාචකයෙන් රට මුදා ගන්න අවශයි. ඒගොල්ලන් හිතනවා ඒ ආර්ථිකයේ එන්ජින් එක ආත්මාර්ථකාමීත්වය කියලා. අපි කියනවා අපේ ආර්ථිකයේ එන්ජින් එක සාමූහිකත්වය කියලා. මිනිසා සහජයෙන් සාමූහික සත්වයෙක්. ගසෙන් බහිනකොට සත්ව ලෝකයේ අසරණ සත්වයා මිනිසායි. කොටියාට තරම් උල් දත් නැහැ. සිංහයාට තරම් සවිමත් පාද නැහැ. නරියට තරම් හොඳ ඉවක් නැහැ. රාජාලියාට තරම් තියුණු ඇස් නැහැ. සත්ව ලෝකයේ අසරණම සත්වයා වුණා. නමුත් මිනිසා අසරණභාවයෙන් ගොඩගියා. ඒ සාමූහිකත්වය නිසා. සාමූහිකත්වය කියන්නේ එකිනෙකා බෙදන විශේෂතාවයෙන්, එකිනෙකා සතු විශේෂ හැකියාවන් සාමූහිකත්වය කියන කෝව ඇතුලේ දියකර හරින්න නොවෙයි. සෝවියට් දේශයට ආ විවේචනයක් තමයි සාමූහිකත්වය ඇතුළේ මිනිසුන්ගේ පුද්ගලිකත්වය දියකර හැරියා යන චෝදනාව. ධනවාදය ඇතුළේ සාමූහිකත්වය දියකර හැර, පුද්ගලිකත්වය උඩට ගත්තා. අපි කියනවා මේකේ සම්මිශ්රණයක් අවශ්යයි. අපි මෙතනදී වෙනස් වෙනවා. ජාතික ජන බලවේගය යනු සාමූහිකත්වයේ කඳවුර මිස, පුද්ගලික මැජික්කරුවන්ගේ, ඉන්ද්රජාලිකයන්ගේ තැන නොවෙයි. අපි සජීවී මිනිස්සු. සමාජයක් සතුව තිබෙන හැකියාවන්, දන්නා දේවල් ඉතා හොඳින් උරාගෙන මෙහෙයවිය හැකි ව්යාපාරයක්. ඔබගේ හැකියාව, ඔබ දන්නා දේ උකහාගත හැකි ජාතික ජන බලවේගයට ඔබගේ දායකත්වය, මැදිහත්වීම ලබාදෙන්න.

 

Leave A Reply

Your email address will not be published.