topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිිවිසුම නැවත අත්සන් කරනවාද? නැද්ද? ආණ්ඩුව රටට කිවයුතුයි.

new-i

රටට කිසිදු වාසියක් නැති ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිිවිසුම නැවත අත්සන් කරනවාද නැද්ද යන්න ආණ්ඩුව  කිවයුතු යයි  ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියි. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි. වැඩි දුරටත් මෙහෙදී  අදහස් දැක්වූ ජ.වි.පෙ. ප‍්‍රධාන  ලේකම්වරයා  ,

“2007 රාජපක්ෂ ආණ්ඩුව සමයේ අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. එයින් දෙරට අතර යුදමය අවස්ථාවන්වලදී පහසුකම් සැපයිය යුතු බවට එකගතාවයකට ඇවිත් තිබුණා. එම ගිවිසුම අත්සන් කළේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට ශී‍්‍ර ලංකාවේ අමෙරිකාවේ තානාපති රොබට් ඕ බ්ලේක්  සහ ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ගොඨාභය රාජපක්ෂයි  . රාජපක්ෂ ආණ්ඩුව එදා මේ ගිවිසුම අත්සන් කරන කොට ඇමති මණ්ඩලයටවත් නොකියා රටටත් නොකියා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. එම ගිවිසුම එළියට ආවේ නැහැ. වසර 10කට තමයි ගිවිසුම අත්සන් කර තිබුණේ. 2017 මාර්තු 05 වන විට එම ගිවිසුමේ කාලය අවසන් වෙලා තිබෙනවා.
මෙම ආරක්ෂක ගිවිසුමේ සඳහන් වෙලා තිබෙනවා තවත් වසර 10කට මෙම ගිවිසුම දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා කියලා. අපිට තිබෙන තොරතුරු අනුව වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සාකච්ඡාවක  ඉන්න බව හෙළිවෙලා තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ තිබෙන විදේශ කටයුතු අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු රැස්වීමේදී බිමල් රත්නායක සහෝදරයා මේ ගැන ප‍්‍රශ්න කළා. එවෙලාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කියා තිබුණේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා  කරන්න ආරක්ෂක අමාත්‍යාංශය බවත් කියා තිබුණා. කලින් ආණ්ඩුවත් කළේ ජනතාවටත්, තමන්ගේ කැබිනට් මණ්ඩලයටත් හොරෙන් ගිවිසුම අත්සන් කරපු එකයි. ඒ විදිහටම මේ ආණ්ඩුවත් කාටත් හොරෙන් මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ කරන්න යනවද කියලා අපිට සැකයක් තියෙනවා. අපි ආණ්ඩුවට බල කරනවා ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාවට හානිකරන, මෙම ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරන්නට එපා කියලා. මෙම ප‍්‍රශ්නය දැනට දැවෙන ප‍්‍රශනයක් ලෙස මතුවෙලා නොතිබුණාට ඉදිරියේදී රටට හානිකර වීමේ හැකියාව තිබෙනවා.
මේක රටවල් දෙකක් අතර ගිවිසුමක්. ගිවිසුමෙන් කියන්නේ කිසියම් යුදමය කටයුතුවලදී දෙරටම එකිනෙකාට උදවු කළ යුතු බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය මේ කලාපයේ කිසියම් යුදමය කටයුත්තක් කරනවා නම් ඔවුන්ගේ යුද යානාවලට, නැව්වලට සහ සෙබලූන්ට පහසුකම් ලබාදෙන්න අපේ රට බැඳිල ඉන්නවා. ඒ විදිහටම ඇමෙරිකාවත් අපේ රටට යුදමය පහසුකම් ලබාදීමට බැඳිලා සිටින නමුත්, එය අපේ රටට ප‍්‍රායෝගික තත්ත්වයක් නොවන නිසා අපිට උදව් ලැබෙන එකක් නැහැ. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් යුද මෙහෙයුම්වල නිරත වෙලා ඉන්නවා. ඉදිරියේදීත් ඉන්දියාව සමග චීනය සමග එවැනි ගැටුම්වලට මැදිහත් වේදැයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙම ගිවිසුම ඇමරිකාවට පමණක් වාසි ලැබෙන ගිවිසුමක්. මේ වන විටත් ඇමෙරිකා එක්සත් ජනපදය දියාගෝගාසියාවල හමුදා කඳවුරක් පවත්වාගෙන යනවා. ඔවුන් විවිධ යුද මෙහෙයුම් කරනවා. පුහුණුවීම් කටයුතු කරනවා. ඒ විදිහටම ලංකාවේ භූමියත් ඔවුන්ට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.
මෙම ගිවිසුමේ දෙවන පරිච්ඡ්දයේ සඳහන් වෙලා තිබෙනවා ඒකාබද්ධ යුද අභ්‍යාසවලදී, යුද පුහුණුවීම් කටයුතුවලදී, මෙහෙයුම්වලදී ආරක්ෂක සේවාවලට බලපාන වෙනත් ඕනෑම කටයුත්තකදී සේවා පහසුකම් සැපයීම සඳහා දෙරට බැඳී ඉන්නවා කියලා. ඒ වගේම මෙම ගිවිසුමේ පහසුකම් මොනවාද කියලා විස්තර කරලා තිබෙනවා. ආහාර, ජලය, කූඩාරම් ඉදිකිරීම සඳහා භූමිය, ප‍්‍රවාහන පහසුකම්, (ගුවන් පහසුකම් ඇතුළුව) ඛනිජ තෙල්, ලිහිසි තෙල්, ඇඳුම්, සන්නිවේදන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, උණ්ඩ සහ පතරොම්, ඇතුළු සියලූම සේවා සැපයිය යුතුයි කියලා. එනිසා මෙම ආරක්ෂක ගිවිසුම අපේ රටට කිසිදු ආර්ථික, හෝ ආරක්ෂක ප‍්‍රතිඵලයක් නැති එකක්. එය ප‍්‍රතිඵල දායක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ නිසාම ඒකාලයේ මෙම ගිවිසුම අත්සන් කළේ ඇයි කියලා අපිට ප‍්‍රශ්නයක් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකාලයේ පෙනී සිටියේ අධිරාජ්‍ය විරෝධී, දේශපේ‍්‍රමී, ආණ්ඩුවක් විදිහටයි. දේශපේ‍්‍රමය ගැන කිව්වොත් බෙල්ල කඩාගන්න ගියපු කට්ටිය මෙවැනි රටට අහිතකර ගිවිසුමක් අත්සන් කළේ ඇයි? ඒ කාලෙත් අපි මෙම ගිවිසුම අහෝසි කරන්න කියලා විශාල අරගලයක් කළා. නමුත් ආණ්ඩුව අහෝසි කළේ නැහැ. දැන් මෙම ගිවිසුමේ කාලය අවසන් වී තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න තවමත් රටට හෙළිකරලා නැහැ. අපි ආණ්ඩුවට බල කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේත් ආණ්ඩුවේත් ස්ථාවරය රටට හෙළිකරන්න කියලා.
මෙම ගිවිසුම අපේ රටට කරුණු කීපයකින් අවාසිදායකයි. එකක් තමයි මෙම ගිවිසුමෙන් අපේ රටට කිසිදු ප‍්‍රතිඵලයක් නැහැ. වෙනත් රටකට අපේ රටේ භූමිය ලබාදෙන නිසා ස්වෛරීත්වයට හානි කරයි. ඒ වගේම මෙම ගිවිසුම නිසා අසල්වැසි රටවල් අප සමග අමනාප විය හැකියි. ඉන්දියාව, චීනය වගේ රටවල් අපේ රට කෙරෙහි සැකෙන් බලන තත්වයක් ඇති වෙනවා. මේ කලාපයේ රටවල් එක්සත් ජනපදයට විරුද්ධව කිසියම් යුදමය කි‍්‍රයාමාර්ගයක් ගතහොත් අප අපේ රට ඇමෙරිකාවට උදව් කරන නිසා අනෙකුත් සියලූ රටවල්වල සතුරා බවට අපේ රට පත්වීම වළක්වන්න බැහැ. මේ වන විටත් මැදපෙරදිග රටවල් සමග උතුරු කොරියාව සමග ඇමෙරිකා එක්සත් ජනපදය යුද කි‍්‍රයාමාර්ගවල සහ මත ගැටුම්වල සිටින නිසා එවැනිම තත්ත්වයක් ඉන්දියාව සහ චීනය සමග ඇති නොවෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
මෙවැනි ගිවිසුම් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර, සිදුවුණාට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය වගේ රටවල් දෙකක් අතර, මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙරටටම වාසි වෙන්න පුළුවන්. නමුත් අප වැනි රටවල් මෙවැනි ගිවිසුම්වලට එළැඹීමත් එක්සත් ජනපදයට යටත් වීමක්. ඒවගේම මෙම ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් පිළිබඳවත් ප‍්‍රශ්නයක් තිබුණා. මොකද රටවල් දෙක වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන්. ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කරපු රොබට් ඕ බ්ලේක් මහතා ඇමෙරිකානු පුරවැසියෙක් වූ අතර, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇමෙරිකානු පුරවැසියෙක්. මෙම ගිවිසුම කෙතරම් අහිතකර වුනත් වර්තමාන ආණ්ඩුවත් මේ ගිවිසුම අහෝසි කළේ නැහැ. ගිවිසුමට අනුවම යම් නිශ්චිත කාලයකට කලින් දැනුම් දීමකින් පසුව මෙම ගිවිසුමෙන් ඉවත් වීමට හැකියාව තිබෙනවා.
අපි මේ මොහොතේ රටට ආදරය කරන සියලූ බලවේගවල අවධානය මෙම ආරක්ෂක ගිවිසුම සම්බන්ධව යොමු කරනවා. මෙම ගිවිසුම නැවත දීර්ඝ කිරීමට ඉඩ ලබාදිය යුතු නැහැ. ඒ නිසා ආණ්ඩුවේත් ආරක්ෂක අමාත්‍යාංශයේත් ස්ථාවරය රටට කිව යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  මතුවෙලා තිබෙන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්න ජවිපෙ බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මෙය නොසලකා හරිනවා නම් ඊට එරෙහිව ප‍්‍රබල ජනමතයක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා. අපේ රටෙත් මේ වන විට සයිටම් ප‍්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සමුළුවේ යෝජනා වැනි තවත් ප‍්‍රශ්න සාකච්ඡා  වෙමින් තිබෙනවා. නමුත් මෙම ආරක්ෂක ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක්  ඇති වෙලා නැහැ. අවධානයක් නැහැ. නමුත් අපේ රටට මෙම ගිවිසුමෙන් හානියක් තිබෙනවා. මෙම වැරදි සහගත ගිවිසුම අහෝසි කර දමා වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට මේ ආණ්ඩුව ඒ වැරැද්ද නැවතත් කළ යුතු නැහැ. අපි රටක් විදිහට තවත් රටකට යටත් විය යුතු නැහැ. ඒ වගේම අනෙකුත් රටවල් තරහ කරගත යුතු නැහැ. එනිසා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් අපේ රටට අහිතකර තත්ත්වයක් ඇති කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමක් පසුගියදා පැවැත් වුණා. මානව හිමිකම් කොමිසමේ අලූත් කොමසාරිස්තුමා වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා තිබුණා, ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන්නේ නැහැ කියලා. මීට පෙර මානව හිමිකම් කොමිසමේ සමුළුවේදී ඇමෙරිකාව මගින් ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා, මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. නමුත් ආණ්ඩුව රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. ඒ නිසා තමයි මෙවර සමුළුවේදී කොමසාරිස්වරයා කියලා තිබෙන්නේ ලංකාවේ තත්ත්වය ගැන සතුටු විය නොහැකියි කියලා. පරීක්ෂණයක් කරන්න යෝජනා වුණාට පසුව ආණ්ඩුවක් විදිහට කළ යුත්තේ භාවිතයෙන් රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා පෙන්වීමයි. නමුත් මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව කාලේ මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා බලයට ඇවිත් මානව හිමිකම් රකින්න කටයුතු කළේ නැහැ. අපි දන්නවා මානව හිමිකම් කොමිසම ඇතුළු බලවත් රටවල් මානව හිමිකම් ප‍්‍රශ්නය උපයෝගී කරගන්නේ ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න පාර කපා ගන්නයි. ආණ්ඩුව ඒ අරමුණ තේරුම් නොගෙන වැඩ කිරීම නිසයි මෙවැනි ප‍්‍රශ්න උද්ගත වෙන්නේ.
ඒ නිසා අපි අවධාරණය කරන්නේ, ආණ්ඩුව එම රටවල්වල අරමුණ තේරුම් අරගෙන වැඩ කළ යුතුයි කියලා. කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් රකිනවා කියලා ඔප්පු කරල නැහැ. පසුගිය කාලේ උද්ඝෝෂණවලට පහර දුන්නා. ලංකාවේ සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ කළේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යෝජනා වුණු ඇතැම් පනත් සම්මත කිරීම ප‍්‍රමාද කළා. මෙවැනි කරුණු නිසා තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම දැන් අපේ රටට චෝදනා කරන්නේ. මෙම තත්වයට ආණ්ඩුව වගකිව යුතුයි.
මේ අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි  සහභාගි විය.

 

Leave A Reply

Your email address will not be published.