topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පස්, කළුගල්, බොරලූ හා වැලි කැනීමට නීති විරෝධීව කැබිනට් අනුමැතිය.

Studio_20170316_102241

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිවරයාගේ  උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. සංවර්ධන කටයුතු සදහා මෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී භාවිතා වන මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලූමක් පවතින බැවින් රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මේ ද්‍රව්‍ය ලබා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත ලෙස ගැසට් නිවේදන මගින් ප‍්‍රකාශයට පත් නොකළ විශාල වනාන්තර ප‍්‍රමාණයක් යෝජිත රක්ෂිත හා රජයේ වනාන්තර බිම් ලෙස පාලනය වේ. මෙම වනාන්තර ජල පෝෂක ප‍්‍රදේශ, අලි – ඇතුන් ඇතුළු ආවේණික ජෛව ප‍්‍රජාවගේ වාසස්ථාන හා පුරා විද්‍යාත්මකව වටිනා ප‍්‍රදේශ ලෙස සුවිශේෂී වැදගත්කම් රැසක් පවතී. මේ නිසා මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතට ලක් කර තිබේ.
මේවායේ කළුගල්, පස්, බොරලූ හා වැලි කැනීම් හේතුවෙන් ජල පෝෂක ලෙස පවතින වැදගත්කම ඇතුළු වටිනාකම් සියල්ල බිද වැටීමට ලක් වේ. මේ තත්ත්වයට පසුගිය කාලය පුරාම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල වනාන්තර මුහුණ දී තිබුණි. 2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සමග ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල මාර්ග පද්ධති සකස් කිරීම හා ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය පස් හා කළුගල් මහ පරිමාණයෙන් රක්ෂිත වනාන්තර විනාශ කර ලබා ගැනීම සිදු විය. ඒ හේතුවෙන් පසුගිය කාලයේ දී උග‍්‍ර ජල හිගයකට ඒ ප‍්‍රදේශ අවට ජනතාවට මුහුණ දීමට සිදු විය. මෙම කැබිනට් අනුමැතියත් සමග ම මේ තත්ත්වය තව දුරටත් වර්ධනය විය හැකි ය.
මේ වන විට හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස පවතින මහවැලි අධිකාරියට අයත් වනාන්තර වල මහ පරිමාණයෙන් කළුගල් හා පස් කැනීම් කටයුතු සිදු වේ. අධිවේගී මාර්ගය ඇතුළු වෙනත් සංවර්ධන කටයුතු සදහා මෙසේ පස් හා කළුගල් කැනීම සිදු වේ. මේ හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දැඩි බලපෑමකට ලක් වී ඇති අතර හම්බන්තොට ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පත් වෙමින් පවතී. මෙම කැබිනට් තීරණයත් සමග ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකිය.
වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැලෑ ලෙස පාලනය වේ. එම වගන්තියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්, වැලි, බොරලූ හා කළු ගල් කැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවක නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරදකරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.
මෙවන් නීතිමය තත්ත්වයන් යටතේ රජයේ වනාන්තර බිම් පාලනය වෙද්දී ඒවායේ නීති විරෝධී ලෙස කළුගල්, පස්, බොරලූ හා වැලි කැනීමට කැබිනට් අනුමැතිය ලබා දීම නීති විරෝධී කි‍්‍රයාවකි. මේ අනුව කැබිනට් මණ්ඩලය සිදු කර ඇත්තේ නීති විරෝධී කි‍්‍රයාවල නිරත වීමට අනුබල ලබා දීමකි. යහපාලනයේ ප‍්‍රධාන මූලධර්මයක් වන නීතියේ ආධිපත්‍යය වත්මන් රජය විසින් ම මෙලෙස අභියෝගයට ලක් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍රපාල සිරිසේන  ජනාධිපති අපේක්ෂක වශයෙන් ජනතාවට ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටසේ වනාන්තර ආරක්ෂා කිරීම සදහා අපක්ෂපාතීව, තරාතිරම නොබලා පාරිසරික නීති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු විය. නමුත් බලය ලබා ගත් පසුව ඒවා විනාශ කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

සජීව  චාමිකර -පරිසර සංරක්ෂණ භාරය

Leave A Reply

Your email address will not be published.