පාවෙන වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ව්‍යාපාර අඩපණ වී කිසියම් ආකාරයකට ආර්ථික දුෂ්කරතාවයන්ට පත් වූ ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීමකට ඇහුම්කන් දී බැස්ටියන් මාවතේ තාවකාලිකව කඩ පේළියක් ඉදිකර ඇති අතර මෙය ඉදිකිරීමට පමා වූයේ රාජ්‍ය අංශයේ තිබෙන විවිධ පමාවන් හේතු නිසා බව. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියි. මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ,පසුගියදා පිටකොටුව බැස්ටියන් මාවතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද කඩකාමර 96 ක් කඩහිමියන් වෙත බෙදාදීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අවුරුදු සමයේ ව්‍යාපාරිකයන්ට අදායමක් හොයාගැනීම සඳහා අපේ සහයෝගය හැකි ආකාරයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා. රටට,ආණ්ඩුවට බරක් නැති පිරිස් ඔබ වැනි ව්‍යාපාරික ප්‍රජාවට අපේ සහයෝගය ලබාදිය යුතු බවත් විශේෂයෙන් පේමන්ට් එකේ ව්‍යාපාරිකයන් විසිකරවා එළියට දානවා කියලා එවැනි දෙයක් නොකරණ බවත් ඔවුන්ගේ වෙළඳාම විධිමත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙහි ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ අපි බලාපොරොත්තු වෙන්නේ, අප ගොඩනගන මහා නගරයේ කොටස්කරුවන් වන ලෙසට වසර 02 කින් පමණ කාලයකින් මැනිං වෙළඳ සැල පෑලියගොඩට ගෙනයන්න. ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත. මැනිං වෙළඳ සංකීර්ණයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානයත් මෙම ස්ථානයත් එක්කර විශාල මට්ටමේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිවෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඔබගේ ජීවිතයේ විධිමත් කරගෙන ජනතාවගේ ජීවිතත් විධිමත් කරගෙන, ජාතික ප්‍රවාහන පද්ධතියක් විධිමත් කරමින් කටයුතු කරන්න ඔබ හැමට අවස්ථාව ලැබෙන අතර ලබන මාස 03ඇතුළත බොරැල්ල, බත්තරමුල්ල, ඇස්වාට්ටුව අතර ඇති දැඩි මාර්ග තදබදය නැති කරලීම සඳහා පොදු ප්‍රවාහනයට මුල්තැන දීමට කටයුතු කරන බව ද පැවසීය. කෙටි කාලීන වැඩපිළිවෙල වසරක් ඇතුළත මධ්‍යකාලීන වැඩපිළිවෙලක් කරන බවත්, ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
කොළඹ කොටුව ප්‍රදේශය ඉතාම විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙන බවත්, ලබන වසර වනවිට කොළඹ නගරයේ පීඩිත දුගී ජනතාව 15,000 කට ස්ථිර නිවාස ලබාදෙනවා. වැඩිදෙනෙක් පුරුදු වී සිටින්නේ විරෝධතා දක්වන්න. විරුද්ධ වීම නොවෙයි කළ යුත්තේ අප සමග එකතු වී සාකච්ඡා කර සහයෝගයෙන් හැමෝගෙම ජීවිත වෙනස් කර ගැනීම බව වැඩිදුරටත් සඳහන් කළේ ය.