මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය ලැබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචිකරමින් නව ජනපද ඇති කිරීමට රජය කටයුතු කළ හැකි බැවින් ජලාශයේ ජලය උතුරු පළාතට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බවට ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි.
මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්රතිලාභ පිළිබඳ එම පළාතේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම සදහා යාපනයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
එහි දී මහ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.
මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එක්ව ඇති බවයි LNC වාර්තාකරු සදහන් කළේ.