උතුරේ අන්තවාදය වපුරන පිරිස් සහ දකුණේ අන්තවාදය පතුරවන එකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ඇත්දැයි සැකයක් ඇති වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 450ක් වියදමින් කොළඔ මැලේ විදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයීය සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිකිරීමේ ප්‍රගතිය නිරික්ෂණය කිරීමෙන් අනතුරුවය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වත්මන් රජය සංවර්ධනය සහ සහජීවනය ඇතිකිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්ට උතුරේ ඇතැම් දේශපාලඥයන් සහ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් සිටින බවය.
අමාත්‍යවරයා මෙසේද ප්‍රකශ කළේ ය.
”දැන් රටතුළ සාමයක් ඇති වී තිබෙනවා.
අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ ජාතීන් එකමුතු කරගෙන සංවර්ධනය සහ සහජීවයට ඇතිකරන්න.
උතුරු පළාතේ හිපදෙනෙක් වගේම උතුරු ප්‍රදේශය නියොජනය කරමින් පාර්ලිමේතුවට තේරිපත්වී සිටින මන්ත්‍රීවරු පිරිසක් රජයට සහ ත්‍රිවිධ හමුදාවන්ට අභුත චෝදනා කරමින් සිටිනවා. ඔවුන් වරින් වර නොයෙක් දේ කියනවා.
දැන් කියනවා පුනරුත්ථාපනය කරපු රුඳවියන්ට අපි බලහත්කාරයෙන් විෂ එන්නත් කරලා, ඔවුන්ට පිළිකාවලට ගොදුරුකරා කියලා.
අළුත් අළුත් කතා නිර්මාණයක කරලා ඒ පිරිස් උත්සාහ කරනවා අන්තවාදය සහ ත්‍රස්ථවාදය ඇති කිරීමට යලි උත්සාහ කරනවා.
ඇත්තටම සිදු උනේ මොකද්ද කියලා ඕන කෙනෙකුට සොයා බලන්න පුළුවන්.
ජාත්‍යාන්තර වශයෙන් අපේ හමුදාවන් සිදු කරපු පුනරුත්ථාපන වැඩපිළිවෙල ඇගයීමට ලක්වුණා.
ඇත්තටම මේ උතුරේ දේශපාලනය කරන පුද්ගයින් කරන්නෙ ජාත්‍යාන්තර වශයෙන් තමන්ගේ පටුදේශපාලනය වෙනුවෙන් අරමුදල් රැස්කරගන්න එක.
අපිට මතකයි අන්තවාදි අදහස් දරපු අයට උතුරේ ජනතාව දුන්නු තීන්දු. දැන්මේ බොරු කියකිය දඟලන අයටත් ඉදිරි මැතිවරණවලදි සාමය අගයකරන ජනතාව හරි තීන්දුව දෙයි.
දකුණෙත් මේ වගේ පිරිසක් ඉන්නවා. යනුවෙනි.