මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වලට මාස ගණනාවක් තිස්සේ වැසි නොලැබීම නිසා ලක්ෂපාන,නව ලක්ෂපාන,කැනියොන්,පොල්පිටිය,පොල්පිටිය හා ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වෙත ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම 35 % ක් දක්වා පහත බැස තිබෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බැවින් අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනාතාව ගෙන් ඉල්ලීමක් කරයි.
ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මේවන විට සුන්දර ඩෙවෝන් හා සෙන්ට්ක්ලෙයාර් දියඇළි වල ජල ධාරීතාව ද සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.