ඊශ්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින් හේතු කොටගෙන ඊශ්‍රායල් රැකියා අවධානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් ප්‍රකාශ කළේ විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවති, ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය ” ඊශ්‍රායලයේ ශ්‍රමිකයින් වෙනුවෙන් මාස 6ක් සඳහා වීසා හිමිවන බවත් එම කාලය අවසන්වීමෙන් පසු ශ්‍රමිකයින් දිවයිනට පැමිණිය යුතු අතර, එසේ පැමිණෙන ශ්‍රමිකයින්ට නැවත වරක් තමන් සේවය කළ ස්ථානයට යෑමට හැකිවන බවත් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට මසකට රු.150,000 ක පමණ මුදලක් ඉතිරි කිරීමට හැකිවන බවත්, නීතිවිරෝධීව එරට රැඳී සිටිම හේතුවෙන් තවත් ලාංකිකයෙකුට රැකියා අවස්ථාවක් අහිමිවීමේ අවධානමක් ඇතිවී තිබෙන බවක් සදහන් කළ අමාත්‍යවරිය . 2015 වර්ෂයේ ඊශ්‍රායල් රැකියා හිමිවූයේ 85ක් පමණ බවත් තමන් 2016 වර්ෂයේ ඊශ්‍රායලයේ සිදුකළ සංචාරය අතරතුරදී කල ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේදී රැකියා අවස්ථාවන් 369 ක් ලැබුණු බවත්, 2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයින් 187 ක් සඳහා ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමිවී ඇති බව සඳහන් කළාය. එසේ රැකියා අවස්ථා වර්ධනය කරගැනීමට හැකිවූයේ නව රජය පත්වීමෙන් පසු ඇතිවු යහපත් ප්‍රතිරූපය හා දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මැදපෙරදිග වැනි රටවල ඉතා අඩු වැටුපකට දුක්විඳින රැකියා වෙනුවට මහන්සි වි රැකියා කර තම ශ්රමයට ගැලපෙන ඉහළ වැටුපක් ලබාගැනීම සඳහා ඊශ්‍රායල් රැකියා අවස්ථාවන් වඩාත් කාලෝචිත බවත් තම අරමුණ ඉදිරියට හොඳ රැකියා වෙළඳපොලක් හිමි රටවලට ශ්‍රමිකයින් ලබාදීමට කටයුතු කිරීම බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියි . එනිසා තම ගරුත්වය හා තම රටෙහි ගරුත්වය ආරක්ෂා කරගනිමින් රැකියාවල නිරතවන ලෙසත් ඇය ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවට එක්වූ විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂමන් අබේගුණරත්න සඳහන් කළේ, 2015 ආණ්ඩු පෙරලියෙන් පසු තමන් එම ආයතනය භාරගන්නා විට 2015 වර්ෂය සඳහා ඊශ්‍රායල් රැකියා අවස්ථා ලැබී තිබුණේ 85ක් පමණක් බවත්, අමාත්යවරිගේ දැඩි කැපවීම මත ඊශ්‍රායල් රැකියා කෝටාවන් වැඩිකර ගැනීමට හැකිවු බවයි. ඒ අනුව ලද විශාල රැකියා අවස්ථා ප්‍රමාණය කිහිප දෙනෙකුගේ නොමනා කි්රයාවන් නිසා අහිමිවීමේ තත්වයක් උදාවී ඇති බවත්, රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්වන ශ්‍රමිකයින් මෙම කාලය ඉක්මවා දිවයිනට පැමිණීම හරහා තවත් රැකියා අපේක්ෂිතයෙකුගේ අවස්ථාව තහවුරු වන බවත් සඳහන් කලේය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට ලක්ෂ 20ක ඇපකරයක් ලබාගැනීමට බලාපොරොත්තු බව බවත්, එම ඇපකරය රජයේ සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් ඇපකරුවන් ලෙස අත්සන් කළ පුද්ගලයින් සඳහා මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනිමට කටයුතු සූදානම් කර ඇති බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි පී.පී.වීරසේකර ද එක්විය.