බ්‍රිතාන්‍ය ජාතිකයින් කෝලා බීම පානය කිරීම ඉක්මවා පිරිසිදු කරන ලද බෝතල් කරන ලද පානීය ජලය මිලදී ගන්නා බව ප්‍රථම වතාවට වාර්ථා වී ඇත. කෝලා බීම ලීටර් බිලියන 1.72 ක් බ්‍රිතාන්‍යයෝ මිලදී ගෙන ඇති අතර පිරිසුදු පානීය ජල බෝතල් ලීටර බිලියන 1.77 ක් මිලදී ගෙන ඇති බව සඳහන් වේ. පැණි බීම අලෙවියට වඩා පිරිසුදු පානීය ජලය අලෙවිය මෙලෙස ඉදිරියට පැමිණියේ ප්‍රථම වතාවට බව සඳහන් වේ.මිනිසුන් තම යහපත් සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම වැඩි වීමත් ජල පරිභෝජනය ගැන සුභදායී ලෙස කල්පනා කිරීමත් මෙයට හේතුව බව විද්වතුන් පවසා ඇත. එසේම පානීය ජල බෝතල් සමාගමක් වන හයිලන්ඩ් ස්ප්‍රීන් ගෘප්හි වාණිජ අධ්යක්ෂවරයා පවසා ඇත්තේ කෝලා කර්මාන්තය පසු කිරීම පානීය ජල බෝතල් කර්මාන්තයේ ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.