ජාතික ආණ්ඩුවේ ඇමති ධුරයන් අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 12 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසී තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී
නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු ගැන මෙම හමුවේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම පිරිස පැහැදිලි තීන්දුවක සිටිනා බවත් විපක්ෂයට ගියද ශ්රීළනිපයෙන් ඉවත් නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.