පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 50 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 55900/- ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු අද (06) අලුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.