දිවයිනට පැමිණි කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් කටුනායක ගුවන් තොටුපොළේදි පිළිගනු ලැබුවේල විදේශ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් විසිනි.
කැනඩා විදේශ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණියේ වසර 13ට පසුවයි.
මේ සංචාරයේදී කැනඩා විදේශ අමාත්‍යවරයා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවීමට නියමිතව ඇත.
ස්ටෙෆන් ඩියෝන් යාපනයේ සංචාරයක ද නිරතවන අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හමුවීමට ද සැලසුම් කර තිබේ.