topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ඡන්දයෙන් ආණ්ඩු පෙරළන්න බැහැ ඒකාබද්ධය ජනතාව නොමඟ යවනවා-ඇමති ඩිලාන්

ඉදිරි මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් බවට ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමඟ යවමින් සිටින බවත් ආණ්ඩු පෙරළන මැතිවරණයක් මේ රටේ යළිත් පැවැත්වෙන්නේ 2020 දී බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා  ප්‍රකාශ කළේය.

2020 ට පෙර ආණ්ඩුවේ යම් යම් දේවල් වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා හැකියාව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පමණක් බවත්  කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.

පෝය දෙකෙන් ආණ්ඩුව ගෙදර යවන බවට අයෙක් වරක් ප්‍රකාශ කර තිබු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී වෙන් වී ඒකාබද්ධ විපක්ෂය හා එක් වෙන පිරිස දෙස අනිමිස ලෝචනයෙන් බලාසිටින ලෙස තවත් අයෙක් තවත් වරෙක ප්‍රකාශ කළ බවත් කී ඇමැතිවරයා, ඒ කිසිවක් මේ වනතුරුත් සිදු ව නොමැති බව ද අවධාරණය කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමති ඩිලාන් පෙරේරා මෙසේද කීවේය.

නාමයෝජනා බාර දුන් දිනයට වඩා ප්‍රගතියක් වැඩියෙන් ලැබී පක්ෂය තමයි අපේ පක්ෂය. සෑම දිස්ත්‍රික්කයකටම ඒ ප්‍රගතිය පෙන්නුම් කරනවා. තරුණ ඡන්ද සහ ද්‍රවිඩ හා මුස්ලිම් ඉතාම ශීඝ්‍රයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව අප සමඟ එක් වන ප්‍රවණතාවක් තිබෙනවා. නව මැතිවරණ ක්‍රමය නිසාම අපේක්ෂකයන් ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ මැතිවරණ ව්‍යපාරය කර ගෙන යනවා.

බැඳුම්කර වාර්තාව ව්‍යාජ වාර්තාවක් ලෙස නම් කිරීමට මේ දිනවල ඇතැම් දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ කරනවා. නමුත් සජිත් ප්‍රේමදාස මේ වාර්තාවේ කරුණුවලට විරුද්ධ වීමට හේතුවක් නැති බව පැවසුවා. පක්ෂයක් ලෙස ගත්තත් සන්ධානයේ මහලේකම් හා ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීතුමා තමයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කළේ. පළමු කෝප් කමිටුව තුළත් අපේ මන්ත්‍රීවරයෙක් තමයි මේ කරුණු ඉස්මතු කළේ. මේ වාර්තාවේ බර හෑල්ලු කරන්න එජාපය කටයුතු කළ අවස්ථාවේ අපි තමයි මේ ගැන ඇත්ත පැහැදිලි කර දෙන්න උත්සාහ ගත්තේ. ජනාධිපතිතුමා මේ කෝප් වාර්තාව ගැන ඊළඟට ගන්න පියවර ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා. අවසානයේ ඒ කමිටුව නිර්දේශ කළා ඒ ගැන සොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. අද ඒ වාර්තාව එළි දක්වා තිබෙනවා.

ඒ වාර්තාවට තමයි මේ රටේ ඉතිහාසයේ වෙනත් කොමිසන් සභා වාර්තාවලට අත් වු ඉරණමට එහායින් ගිය තීරණයක් ලැබුණේ. මෙවැනි කොමිසන් සභා වාර්තාවක් කුණු බක්කියට නොදා, පුස් කන්නට නො දී අධිකරණ කටයුතු සඳහා යොමු වු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ කාරණා කටයුතු වෙනුවෙන් කටයුතු කරද්දි පොහොට්ටුවේ අය කිව්වේ වැඩක් වෙන්නේ නැහැ කියලා. අද ඒ අය කොමිසන් සභා වාර්තාවේ කරුණු මත තමයි විවිධ ප්‍රකාශ කරන්නේ. ජනාධිපතිතුමා පාට පක්ෂ නොබලා මේ මහා හොරකමට සම්බන්ධ අයට දඬුවම් කරන ආකාරයට කටයුතු කළ හැකි පියවර ගෙන තිබෙනවා. හිටපු අධිපතිතුමාගේ කාලය දීර්ඝ කරන්න කියලා එජාපය ඉල්ලා සිටිය දී ජනාධිපතිතුමා අලුත් මහ බැංකු අධිපති කෙනෙක් පත් කළා. හිටපු අධිපතිතුමා හිටියා නම් මේ පරීක්ෂණ සිදු වන්නේ නැහැ. ජනාධිපතිතුමා උත්සාහ කළේ මේ සිද්ධියේ සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන්න. එය වළක්වන්න එජාපයේ ඇතැම් අය ටයිකෝට් ඇඳගෙන උත්සාහ කළා වගේම පොහොට්ටුවේ පොඩි පොඩි සාටකත් උත්සාහ ගත්තා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය කරුණු හෙළි කරන්න කටයුතු කලා. ඒ නිසා ජනාධිපතිතුමාට මේ වන විට තමන් හදාගත්ත ආණ්ඩුවේ තමන්ට ජනාධිපතිවරණයේ දී උදව් කළ අය පවා තරහ කර ගන්න සිදු වෙලා තිබෙන්නේ හොරු අල්ලන්න උදව් කළ නිසයි.

හිටපු ජනාධිපතිතුමා වටේ ඉන්න මාධ්‍ය ප්‍රකාශකවරු එතුමා අමාරුවේ දාන්න හදනවා. මොරගහකන්ද වැනි ව්‍යාපෘති එතුමාගේ කාලේ ආරම්භ කළා කියලා. මෙවැනි ව්‍යාපෘති සැලසුම් කරන්නේ අවුරුදු ගාණකට කලින්. නෙළුම් පොකුණ සැලසුම් කිරීම, ඉඩම් පවරා ගැනීම චන්ද්‍රිකාගේ කාලේ සිදු වුණේ. නමුත් මහින්දගේ කාලේ හැදුවේ. දක්ෂිණ ගුවන්තොටුපළට මුල් ගල තිබ්බේ වැල්ලවාය ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්. නමුත් එය හැදුවේ මහින්දගේ කාලේ. මහවැලියට මුල් ගල තිබ්බේ සිරිමාවෝ මැතිණිය. නමුත් කඩිනම් කළේ ජේ.ආර්. ජයවර්ධන කාලේ. ඒ වගේම මොරගහකන්ද සැලසුම් කරලා මුල් ගල තිබ්බේ මහින්ද මහත්තයාගේ කාලේ. නමුත් හැදුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලේ. මේ ව්‍යාපෘති ආණ්ඩු මාරු වුණාට වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා මේ මාධ්‍ය ප්‍රකාශකවරු කරන දේවල්වලින් එතුමාගේ නමට හානියක් වෙනවා.

මහා යුද්ධයක් නිම කරන්න කටයුතු කළ පුද්ගලයාව පාච්චල් කරලා දානවා. මේ පොඩි පොඩි දේවල්වලට නම දාන්න ඕනේ කියලා. ලංකාවේ ක්‍රියාත්මක වුණු මෙවැනි ව්‍යාපෘතිවලට නම් දාන්න ගියා නම් කිසිම ව්‍යාපෘතියක් කරන්න බැහැ. අවසානයේ තිබෙන්නේ කිසිම පීතෘත්වයක් නැති අවජාතික ව්‍යාපෘති පමණයි. හරියට ජී.එල්.පීරිස් මහතාගේ පක්ෂය වගේ. ඒ වගේ අවජාතක පක්ෂයක තත්ත්වයට හිටපු ජනාධිපතිවරයාව පත් කිරීම කනගාටුවක්.

හිටපු ජනාධිපතිතුමිය කියනවා එයා තමයි සංවර්ධනයේ මැණියෝ කියලා. එයා තවම ජනාධිපතිනි කියලා හිතාගෙන විවිධ ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂත් සමහර අවස්ථාවල හිතන් ඉන්නෙ ජනාධිපති කියලා. එතුමාට දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් 2021 ජනවාරී 8 වෙනතුරු මෛත්‍රීපාල සිරිසේන  මේ රටේ ජනාධිපතිවරයා. ඔහුට පමණයි යම් දෙයක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ. මධ්‍යම ආණ්ඩුවේ හොරකම් නවත්තලා යහපාලනය ඇති කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට යටින් ශක්තිය දෙන පළාත් පාලන ආයතන මේ රටට අවශ්‍යයි.

මහබැංකු වාර්තාවේ කරුණු අනුව මතු පිටින් බැලු විට එක්සත් ජාතික පක්ෂයටවත්, ජී.එල් පීරිස් මහතාගේ පක්ෂයටවත් පිරිසිදු පාලනයක් සඳහා ඡන්දය දෙන්නට ජනතාවට හැකියාවක් නැහැ. ඒ නිසා හොර බොරු අල්ලන්න කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණයි ඡන්දය දෙන්න තිබෙන්නේ.

කොමිසන් සභාවට බොරු කියපු අයට ජනතාවට බොරු කියන්න බැරි කමක් නැහැ. නමුත් මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට හෝ ජනතාවට ඇත්ත කියන අයත් ඉන්නවා යැයි කීවේය. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා – බැඳුම්කර වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දුන්නේ පසුගිය 30 වැනිදායි. ඉන් පසුව ජනාධිපතිතුමා වාර්තාවේ අඩංගු දේ ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබෙනවා. නමුත් පිටු 1500 කින් සමන්විත එම වාර්තාව කියවන්නේ නැතිව ඒ ගැන විවාදයකට එක් වීමට අපහසුයි. කොමිසන් සභාව පවත්වා ගෙන යන අවස්ථාවේ මාධ්‍ය මඟින් ඉදිරිපත් කළ කරුණු ගැන අපිට මතකයක් තිබෙනවා. කෝප් සාමාජිකයන් ලෙස අපිට මතකයක් තිබෙනවා. නමුත් මේ ගැන මීට වඩා දැනුවත්භාවයක් අවශ්‍ය කරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාව අද සභාගත කරන්න වෙනවා. අපි කරුණු දක්වන්නේ මතු පිටින් පෙනෙන කරුණු මත පමණක් නොවේ. මේ වාර්තාවේ ව්‍යාජ කරුණු තිබෙන බවට ඇතැම් දේශපාලනඥයින් කියනවා. ඒ අය මෙය විහිළුවට අරගෙන බව පෙනෙනවා.

අධිකරණයක් තුළ සාක්ෂි ගන්නේ ඒ බිත්ති හතර තුළ ඉදිරිපත් වන ලිඛිත සාක්ෂි මතයි. ඒ නිසා මුළු රටම දැක්කා ඒ කියන දේශපාලනඥයා සාක්ෂි දෙන ආකාරය. අධිකරණය පාරේ හෝ මගතොටේ හෝ සිදු වන දේවල් මත තීරණ ගන්නේ නැහැ. ආචාර ධර්ම පද්ධතියක් මතයි තීන්දු තීරණ ගන්නේ. මේ කොමිසමේ ඉතා පළපුරුදු විනිසුරුවරයෙක් සභාපතිත්වය ගත්තේ. අනෙක් විනිසුරතුමාත් වාණිජ නීතිය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබෙන බව ප්‍රශ්න කරපු විලාසයෙන්ම පේනවා. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් ඉතාම විශිෂ්ට කාර්යභාරයක් කළ කොමිසන් සභාවක් තමයි මෙය. අද අතීතයට වඩා දියුණු තාක්ෂණය මේ සඳහා යොදා ගන්නවා. ජන තාක්ෂණය, අයි.සීටී. ඔස්සේ තමයි අසීරු සාක්ෂි සොයා ගත්තේ. නීතිපති නඩුවේ කරුණු මත මිසක් වෙන කරුණු මත නොවෙයි මේ දේවල් මෙහෙයවන්නේ. ඒ නිසා මෙහි කරුණු විශ්වාස කළ නොහැකි බව කිසිවකු කියනවා නම් ඒ පුද්ගලයාටම ආවේණික ප්‍රශ්නයක් විය හැකියි. ජනතාව ඒ ගැන තීන්දුවක් ගනියි. දැනටමත් අරගෙන ඇති. මේ නිසා මේ පිටු 1500 ගැන කියවලා තමයි අපිට තවත් අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ.

මේ මැතිවරණය දෙස බලන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස අපි හොඳ ජවයකින් අපේ කටයුතු කරගෙන යනවා යැයි පැවැසුවේය.

Leave A Reply

Your email address will not be published.