තොග හා සිල්ලර වෙළඳාම මත පැනවීමට නියමිත VAT බද්ද ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී දිවයින පුරා සියලූම වෙළඳසැල් වසමින් විරෝධතාවක නිරත වන බව සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව අනතුරු අඟවයි..
එහි ලේකම් ඉන්දික ලියනගේ මේ බව ප්‍රකාශ කළේ සමස්ත ලංකා වෙළද සංගම් එකමුතුව, වාණිජ හා කර්මාන්ත මණ්ඩල දීප ව්‍යාප්ත සියලූ වෙළද සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ හැකි තරම් බදු අඩු කිරීමේ කටයුතු රජය විසින් සිදුකරමින් පවතින බවය.