topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමසන් ආදිවාසීන්ට පැතිරෙන කොරෝනා

කොරෝනා වෛරසයෙන් මේවන විට බ්‍රසීලයට අයත් ඇමසන් කලාපයේ වෙසෙන ආදිවාසීන්ද අවදානමට ලක්ව තිබේ. බ්‍රසීලයේ ආදිවාසී කණ්ඩායම් 38 ක් අතරින් කොවිඩ් -19 රෝගීන් 537 ක් සහ මරණ 102 ක් තහවුරු කර වාර්තා කරනු ලැබීය. බොහෝ අවස්ථාවන්හි දුරස්ථ බ්‍රසීලියානු ඇමේසන් හි වෛද්‍ය ආධාර නොමැතිව ආදීවාසි ප්‍රජාවන් ජිවත් වෙයි. ආදිවාසීන් බාහිර රෝගවලට ගොදුරු වීමේ අවදානම උපුටා දක්වමින් කොරෝනා වසංගතයෙන් තවත් බොහෝ මරණ සිදුවිය හැකි බවට බොහෝ පර්යේෂකයෝ කනස්සල්ලට පත්ව සිටිති.

වසංගතයට ප්‍රතිචාර වශයෙන්, මැටෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ ආදිවාසී කණ්ඩායම් ස්වදේශික ගම්මාන අසල නාගරික ප්‍රදේශවල රාජ්‍ය නොවන සංවිධානයන් සමඟ එක්ව ඇත. මෙම හවුල්වීම මඟින් කොවිඩ් -19 පැතිරීම අධීක්ෂණය කිරීම සඳහා දිනපතා යාවත්කාලීන කරන ලද සිතියමක් සකස් කර තිබේ. මෙහි උත්සාහය ආදිවාසීන් දැනුවත් කිරීම සහ ප්‍රතිචාර දැක්වීමට ජාතික සහ ජාත්‍යන්තර කණ්ඩායම්වලට බලපෑම් කිරීම ය.

ඒ අතර මෙම වෛරස් වසංගතය මධ්‍යයේ, මැටෝ ග්‍රෝසෝ හි ආදිවාසී ඉඩම් පිලිබඳ අයිතිවාසිකම් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්ති වලින් වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇත. විචාරකයින් පවසන පරිදි මේ වසංගත දින වලදීත් ස්වදේශීය ඉඩම් තුළ ඉඩම් කොල්ලය, නීති විරෝධී දැව කැපීම සහ පතල් කැණීම කරමින් පවතී.

අසාදිත තත්වයන් දැනුම් දීම් ප්‍රමාද වීම සහ අඩු වාර්තා කිරීම හේතුවෙන් සත්‍ය සංඛ්‍යා පවත්නා වාර්තාවන්ට වඩා වැඩි බව බ්‍රසීලයේ ආදිවාසී සංවිධානයක් වන (APIB) විසින් දැන් වාර්තා කර ඇත. (APIB ලෙසින් හඳුන්වන්නේ පෘතුගීසි බසින් Articulação dos Povos Indígenas do Brasil –(National Articulation of Indigenous Peoples of Brazil) නම් වූ සංවිධානයයි.)

ඔවුන් සඳහන් කරන ආකාරයට ආදිවාසී මරණ 78 ක් වාර්තා වූ බ්‍රසීලයේ ඇමසනාස් ප්‍රාන්තය සහ එහි අගනුවර හෙවත් වැසි වනාන්තර අගනුවර වන මනූස් හී සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඇත. මනූස් නගරයට ආසන්නයේ පිහිටි ආදිවාසී ප්‍රජාවක් වන පාර්ක් දාස් ට්‍රිබොස් (Parque das Tribos) හි නායක 53 හැවිරිදි මෙසියස් කොකාමා(Messias Kokama) පසුගිය සතියේ කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මියගොස් තිබේ.

කොරෝනා වෛරසය බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ දුර බැහැර ප්‍රදේශවල ආදිවාසීන් අතර ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පසුගිය ආසන්නතම දින කිහිපයේ දී කොවිඩ් -19 අසාදිත ආදිවාසීන් ගුවන් මගින් නගරය කලාපයේ එකම දැඩි සත්කාර ඒකක වෙත ගෙන යමින් සිටියි.

“කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙලා. අපි ගංගාවලට ඉහළින් තවත් ගුවන් යානා පියාසර කරමින් සිටිමු. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමේ අවසාන අවස්ථාව එයයි…” යනුවෙන් බ්‍රසීල ළමා රෝග වෛද්‍යවරයකු වන එඩ්සන් සැන්ටොස් රොඩ්‍රිගුස්(Edson Santos Rodrigues) පවසා තිබේ. “සමහර වෙලාවට අපි වෙලාවට එන්නේ නැහැ. මොකද අපිට රෑට ලයිට් නැති දුර බැහැර ගුවන් තොටුපළවල් වලට ගොඩ බස්සන්න බැහැ..”යි ඔහු පවසා තිබිණි. ඒ ටිකූනා ගෝත්‍රයේ 26 හැවිරිදි ආසාදිත තරුණයෙකු සමඟ මනවුස් නගරයට ආපසු යද්දී ය.

ඇමසොනාස් අගනුවර වන මනවුස් හි කලාපයේ එකම දැඩි සත්කාර ඒකක පිහිටා ඇත. වෛරසය නිසා අවම වශයෙන් ආදිවාසීන් 23 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රසීලයේ ස්වදේශික සෞඛ්‍ය සේවය පසුගිය සඳුදා නිළ වශයෙන් වාර්තා කළේය. මරණයට ලක්වූවන් දුර බැහැර ගෝත්‍රික ප්‍රදේශවල සිටි අතර, ඔවුන්ගෙන් 11 දෙනෙකු කොලොම්බියාව සහ පේරු වලට මායිම්ව පිහිටි ඇමසන් ගඟේ ඉහළ ප්‍රදේශවල සිටි අය වෙති.

බ්‍රසීලයේ ප්‍රධාන ආදිවාසී සංවිධාන වාර්තා කරන ආකාරයට ගෝත්‍ර 40 ක් අතර කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 540 ඇමසන් හි සිටිති.

වෙනිසියුලාවේ මායිම අසල ඇමසන් වනයේ රියෝ නෙග්‍රෝ හි පිහිටි වැඩිම ආදිවාසීන් ජිවත්වන නගරය සේ සලකන සාඕ ගේබ්‍රියෙල් ඩා කැචොයිරා සිට ආසාදිතයන් රැගෙන පියාසර කරමින් සිටියදී, 78 හැවිරිදි රෝගියෙකු මිය ගිය බව වෛද්‍ය ඩැනියෙල් සිකෙයිරා(Daniel Siqueira) පැවසුවේය. එවැන්ජලික මිෂනාරිවරයෙකුගේ පුතෙකු වන සිකෙයිරා සිය ළමා කාලය ඇමේසන් හි ආදිවාසී ගම්මානයක ගත කළ අතර කලාපයේ වඩාත් සුලභ දේශීය භාෂාව වන නෙන්ගටු ඉතා හොඳින් කතා කිරීමට ඔහු දනියි. “රෝගීන්ට ඔවුන්ගේම භාෂාවෙන් කථා කිරීම වැදගත්” යැයි ඔහු පවසයි. “ වෛරස් වසංගතය නගරය තුළ ආරම්භ වී ඇත. නමුත් එය නාගරික සීමාවෙන් දුර බැහැර ප්‍රදේශවල නරක අතට හැරෙමින් තිබේ. නගර හුදකලා වී වෛරසය ආදිවාසී ගම්මාන කරා යාම වැළැක්විය යුතුය. නැතහොත් තවත් බොහෝ දෙනෙක් මිය යනු ඇත.”යි ඔහු කියයි.

කොරෝනා වෛරස් ආසාදිත පළමු ආදිවාසී සිදුවීම ඉක්වදෝරයේ ආදිවාසී ඇමසන් ගෝත්‍රිකයෙකුගෙන් ආරම්භ වී තිබේ.

ආදිවාසී ඇමසියානු වෝරානි ගෝත්‍රයේ වාර්තා වූ ආසදිතයා වයස අවුරුදු 17 ක් වන ගර්භනී කාන්තාවකි.  ඇයව ඉක්වදෝරයේ අගනුවර වන ක්විටෝ හි අගනුවර පිහිටි රෝහලක නිරෝධායනයට ලක් කොට ඇති බව සඳහන් වේ. ඉක්වදෝරය  රජය – ආදිවාසී නායකයින් සමඟ සම්බන්ධීකරණයෙන් පුද්ගලයන් 40 දෙනෙකු කොරෝනා සම්බන්ධව පරීක්ෂා කර බැලූ අතර එහිදී ආදිවාසීන් පුද්ගලයන්140 ක් සිටින මිවාගුනෝ ප්‍රජාව තුළින් මෙම ගර්භනී කාන්තාව සම්බන්ධ වී තිබේ.

ආදිවාසීන් ජිවත්වන ඇමසන් වනාන්තරය පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනා, සුරිනාම් සහ ප්‍රංශ ගයනාව යන රටවල් එක්වූ කලාපයකි. එහෙත් බොහෝ ආදිවාසීන් දැන් නගර කරා පැමිණ ජිවත් වෙමින් සිටියි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මෙම පෘථිවියේ වඩාත්ම හුදෙකලා ගෝත්‍රයන වෙත ළඟා වීමත් සමඟ ඒ පිළිබඳව උනන්දුවක් භීතිය උත්සන්න වී තිබේ. බ්‍රසීලයේ නාගරික ජනාවාසයන්ගෙන් බොහෝ දුරස්ථ ඇමේසන් ගෝත්‍රයකට අයත් 15 හැවිරිදි පිරිමි ළමයෙකුට මෙම වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ බ්‍රසීලයේ යානෝමාමි ජනතාව අතර වෛරසය ආසාදනය ව ඇතිබව තහවුරු විය. පසුගිය අප්‍රේල් 9 වෙනිදා ඔහු මිය ගොස් තිබිණි.

“යානෝමාමි අතර වෛරසය ඇති බව අපි තහවුරු කළෙමු. එය ඉතා කනස්සල්ලට කරුණකි” යනුවෙන් බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“ආදිවාසී ප්‍රජාවන් සමඟ, විශේෂයෙන් බාහිර ලෝකය සමඟ ඉතා අඩු සම්බන්ධතා ඇති අය සමඟ අප තුන් වරක් ප්‍රවේශම් විය යුතුයි…” යනුවෙන් ඔහු පවසා තිබිණි.

යානෝමාමි පිරිමි ළමයෙකු වන මෙම 15 හැවිරිදි රෝගියා මියයන විට බ්‍රසීලයේ උතුරු රෝරයිමා ප්‍රාන්තයේ අගනුවර වන බෝවා විස්ටා හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව බලධාරීහු පවසති.

ආදිවාසී ජනතාව වාසය කරන බ්‍රසීලයේ ඇමසන් කලාපය තුළ කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර වෛරසය ආසාදනය වීමෙන් එහි ගෝත්‍රික නායකයෙකුද මියගොස් තිබේ. නොසලකා හැරීම, ප්‍රමාණවත් නොවන පෙර සූදානම සහ අගුලු දැමීමේ පියවරයන් හිඟ වීම නිසා ඇමසන් හි දුරස්ථ හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර වෛරසය විනාශකාරී ලෙස පැතිර යා හැකි බවට ආදිවාසී නායකයෝ අනතුරු අඟවති.

“ආදිවාසී ප්‍රජාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නැත” යැයි ඇමසන් ද්‍රෝණියේ ආදිවාසී සංවිධානවල ප්‍රධාන සම්බන්ධීකාරක ග්‍රෙගෝරියෝ ඩියාස් මිරාබල්(José Gregorio Diaz Mirabal, Coordinator of the Congress of Indigenous Organizations of the Amazon Basin – COICA) මාධ්‍ය වෙත පවසා තිබිණි.. “මෙම ප්‍රජාවන් තුළ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය යටිතල පහසුකම් නෑ. අධ්‍යාපනයක් නෑ. දුරකථන සම්බන්ධතා නෑ. පරිගණක නෑ. අන්තර්ජාලයක් නෑ… ”යි පවසන ඔහු කියා ඇත්තේ ඒ නිසාම නිවැරදි සංඛ්‍යා ලබාගත නොහැකි බවයි.

මිට වසර 10කට එපිට 2010 සංගණනයට අනුව බ්‍රසීල ජාතිකයන් 817,000 ක් පමණ ආදිවාසීන් ලෙස හඳුනාගෙන ඇත. එම පිරිස භූමියෙන් සියයට 12.6 ක් වාසය කරති. බ්‍රසීලියානු රාජ්‍යයට අයත් ඇමසනාස් විශාලතම ආදිවාසී ජනගහනය 180,000 ට වඩා වෙති. විශාලතම තනි ආදිවාසී ප්‍රජාව වන්නේ ගුවරානි යි. එය 51,000 කි. එහෙත් සාමාජිකයින් 19,000 ක යානෝමාමි ආදිවාසීහු විශාලතම භූමි ප්‍රදේශය වන හෙක්ටයාර් මිලියන 9.4 ක පමණ ජිවත් වෙති.

නීතිවිරෝධී රන් පතල් කම්කරුවන් විසින් දිගු කලක් සිය කොල්ලකාරී ඉලක්කයක් කර ගත් ප්‍රදේශයක් වන රොරයිමා ප්‍රාන්තයේ පෙර සඳහන් කළ යානෝමාමි ගෝත්‍රයේ 15 හැවිරිදි දරුවකු වෛරසයට ගොදුරු වීමෙන් බ්‍රසීලයේ පළමු ස්වදේශික මරණය වාර්තා විය. එතැන් සිට තවත් ස්වදේශික මරණ දුසිම් ගණනක් වාර්තා වී ඇත.

එහෙත් ආදිවාසී ආසාදන හා මරණ පිළිබඳ විශ්වසනීය දත්ත ලබා ගැනීම දුෂ්කර ය. මැයි 11 වන විට බ්‍රසීලයේ විශාලතම ආදිවාසී සංවිධානය වන Associação Brasileira dos Povos Indígenas (APIB)හෙවත්  Brazilian Indigenous Peoples’ Association කියා සිටියේ රට පුරා ආදිවාසීන් 92ක් මියගොස් ඇති අතර තවත් 446ක ට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ බ්‍රසීලයේ පමණකි.

මැයි 8 වන විටත් ඇමසන් කලාපය පුරා තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් 36,602 ක් සහ මරණ 2,247 කි. ඒ ප්‍රදේශය වයඹදිග බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශ ආවරණය වන අතර කොලොම්බියාව, පේරු සහ තවත් දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් දක්වා විහිදේ. මෙම සංඛ්‍යා දත්ත වලට ආදිවාසීන්ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ(19) දිනයේදී පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය (Pan American Health Organization – PAHO) අනතුරු ඇඟවූයේ බ්‍රසීලය, කොලොම්බියාව සහ පේරු අතර ඇමසන් මායිම් ප්‍රදේශයේ නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන අතර වැසි වනාන්තරය තුළ දුරස්ථව වෙසෙන ආදිවාසී ප්‍රජාවන්ට ආසාදනය වීමේ වැඩි තර්ජනයක් ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.