topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාගා, රිලාගල යාය වැනසිමට කැසැකවයි-රිලාගලයාය සුරකිමු.

පළමුව සවන්දෙන්න මේ හඬඩ. රිලාගල යාය සුරකීම වෙනුවෙන්  පූජ්‍ය වෑකඳවල රාහුල හිමි

ජනතා වීරෝධය නිසා ගල් කැඩීම නතර කර තිබු රිලාගල යාය නැවතත් ගල් කැඩිම සදහා මාගා සමාගමට ලබාදීමට පරිසර අධිකාරිය මේ වන විට කටයුතු කරමින් සිටින බව එහි අරංචි මාර්ග පවසයි. මගා සමාගමේ උවමනාව මත මෙය සිදුවෙමින් පවතින අතර දකුණෙ දේශපාලන බලයද මේ සදහා යොදවා තිබෙන බව පෙනෙන්නට තිබේ.

ඒ අනුව නුදුරේදීම රිලාගල නැවතත් විනාශකිරිමට මගා සමාගමට බලය ලැබෙණු ඇත.
එයට අමතරව මාගා සමාගම රිලාගල විනාශයට එරෙහිවන්නන්   මුදල් දි නිහඩ කිරීමට උත්සහ කරන අතර ඒ සදහා මැර දේශපාලන බලයද භාවිතා කරමින් සිටි. පසුගිය දිනක එරාජ් ප්‍රනාන්දු සහ තවත් පිරිසක් ප්‍රදේශ වාසින්ට තර්ජනය කර ඇති අතර එය මාගා සමාගම විසින් මෙහෙයවමින් සිටි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත. 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති මහයාය වනාන්තරය හෙක්ටයාර 339 කින් සමන්විත වන අතර No: FR8634 ගැසට් පත‍්‍රය මඟින් මහයාය රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මහයාය රක්ෂිතයේ පේ‍්‍රරක කලාපයට අයත් රිලාගල යාය කඳු පන්තිය මේ වන විට වනාන්තරය වනසා ගල්වලට කැඞීම සඳහා සියල්ල සකස් කර හමාරය. ඒ, දකුණු අධිවේගී මාර්ගයට ගල් ලබා ගැනීම වෙනුවෙන් මාගා ආයතනය පවත්වාගෙන යන ගල් වළක් සඳහා ය.

2011 සිට 2030 දක්වා වූ තිරසාර නොවන විනාශකාරී සංවර්ධන සැලසුම ‘ජාතික භෞතික සැලැස්ම’ නමින් මවුබිමේ පූජනීය පරිසරය මත මේ වන විටත් බිමේ අගය නොදන්නා නරුම පාලකයන් විසින් එළා දමා, එහි අංගයක් ලෙස රිලාගල සහිත කඳු පන්තිය ගල් කැඞීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

සංරක්ෂණය කළ යුතු පරිසර කලාප නූපන් හෙට දවසට සංරක්ෂණය කර තැබීම අද දවසේ යුතුකම වුව ද ජාතික වටිනාකමකින් රැකිය යුතු බොහෝ පරිසර කලාප සංවර්ධන විනාශය හමුවේ විනාශ වෙමින් පවතී. ලංකාව පුරා දසතින් ඇසෙන හඬ නම් තම බිමේ රමණීය පරිසර පද්ධති රැකගැනීම විෂයෙහි ගොඩනැගෙන අරගල ය.

පරිසර වටිනාකමකින් යුත් දිය ඇලි, ගංගා, කඳු, මුහුදු පරිසර පද්ධතිය, කලපු පරිසර පද්ධතිය, තෙත් බිම්, වනාන්තර ආදී ඉතා පරිසර සංවේදී කලාප වනසා දමමින් සංවර්ධනය නමින් පරිසර විනාශය අරඹා ඇත.

ශ‍්‍රී ලංකාව 2005 ජූලි 04 වන දින ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 36 ක් සමඟ ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිම කර ආසියාවේ අධිවේගී මාර්ග ජාලය සමඟ එක් කිරීමට එකඟත්වයට පැමිණ ඇත.

එම ගිවිසුම් ප‍්‍රකාරව සංවේදී පරිසර කලාප පිළිබඳ කිසිදු අවධානයක් නොකර, විනාශකාරී ලෙස කඳු පහත් කරමින්, තෙත් බිම් සහ වාරි පද්ධති විනාශ කරමින්, වනාන්තර දෙපළු කර අධිවේගයෙන් මවුබිමේ පරිසරය විනාශ කර අධිවේගී මාර්ගය ඉදිවෙමින් පවතී. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගයට අවශ්‍ය කරන ගල් ලබා ගැනීමේ අරමුණ ඇතිව රිලාගලයාය කන්ද විනාශ කිරීමට ආණ්ඩුවේ පිහිටෙන් කටයුතු කරමින් සිටී.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තෙවන උසම ස්ථානය ලෙස හඳුනාගෙන ඇති මෙහි උස අඩි 784 ක් පමණ වන අතර කෝන්ගස්ලන්ද, කොටිගල, මුරුංගගල, රිලාගල එකම කඳු පන්තියකට අයත්ය. තෙත් වියළි මිශ‍්‍ර පරිසරයකට උරුමකම් කියන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඇති වටිනාම පරිසර පද්ධතියකි. මෙම ප‍්‍රදේශය ජලපෝෂිත කලාපයක් වශයෙන් පරිසර විද්‍යාත්මකව ඉතා වටිනා ජෛව විවිධත්වයකට හිමිකම් කියන ජෛව විවිධත්ව කලාපයකි.

රිලාගල කඳු රක්ෂිතය ඉතා වැදගත් පරිසර කලාපයක් වන්නේ ජල විද්‍යාත්මකව එහි ඇති සුවිශේෂී අගය වත්කම නිසාය. ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳු පන්තිය ඇතුළු අවශේෂ කඳු පන්ති ජල ගබඩා ලෙස ක‍්‍රියා කරයි. භූගත ජලය ස්ථාවර කිරීමත් මතුපිට ජල උල්පත් හරහා ඇළ දොළ ගංගා නිර්මාණය කිරීමත් මෙම ජල ගබඩා සතු ශක්‍යතාව ඉහළයි. රිලාගල කඳු රක්ෂිතය ඉතා පැහැදිලි ජල පෝෂිත කලාපයකි. එය ජල ගබඩාවක් ලෙස ක‍්‍රියා කරයි. ගොඩැල්ලගොඩ උල්පත, මාදොළ උල්පත, මගවත්ත උල්පත, ඇල්දෙණිය උල්පත, වැවකුඹුර උල්පත, ඉත්තගල්ආර, පුහුල්ගත් ආර, තැන්නහේන දොළ ආදී දිය උල්පත් රැසකින් සමන්විත මෙය ප‍්‍රදේශය පුරා විහිදී ගිය බිබුල් 8ක් පෝෂණය කරනු ලබයි.

රිලාගල කඳු රක්ෂිතය එක් පසකින් තුන්දොළ පෝෂණය කරමින් පුංචි ආරණ්‍යය, මහා ආරණ්‍යය, තඹගල්ලෑල්ල ආරණ්‍යය පෝෂණය කර යටියන දක්වා ගොවිබිම් සහ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කරමින් ගලා යන අතර මහයාය රක්ෂිතයේ ප‍්‍රධාන ජල පෝෂිත ප‍්‍රදේශය ලෙස ක‍්‍රියාත්මක වේ.

මාදොළ කඳු යායෙන් පෝෂණය වන වත්තේවැව ජලය ගලා යන්නේ රිලාගල යායේ අනෙක් පසිනි. එම ජලයට වැවකුඹුර උල්පත සහ රිලාගල යාය කඳු රක්ෂිතයේ උල්පත් ජලය එක්වී ගැටමාන්න, හීල්ල, අම්බල, ගොඩකුඹුර, උණන, දෙද්දුවාවල පානීය ජල අවශ්‍යතාව මෙන්ම කුඹුරු ගොවිතැන සඳහා භාවිතයට ගනිමින් ගලා යයි. මේ අනුව ජල විද්‍යාත්මකව රිලාගල කඳු රක්ෂිතයේ ඇති අපමණ අගය මිල කළ නොහැකිය.

තෙත් වියළි මිශ‍්‍ර ශාක ප‍්‍රජාවකට උරුමකම් කියන මෙහි දං, මා දං, එළ දං, රට ඇඹිල්ල, කොට්ටම්බා, හිඹුටු, කැකුණ, වෙරලූ, මොර, පර, වල්දූරියන්, බැදිදෙල්, කොස්, ගොරකා, මුගුණ, ඇඹුල් පේර, හොර, නා, ලූණුමිදෙල්ල, හල්මිල්ල, වෙනිවැල්, කොතල හිඹුටු ආදී වටිනා ශාක විවිධත්වයකින් යුක්තය. ජලය ඇසුරු කර ජීවත් වන, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දියබල්ලා ඇතුළු ක්ෂීරපායි සතුන් ද දැකගත හැකි අතර දේශීය මත්ස්‍ය විශේෂ රැසක් ද රිලාගල ආශ‍්‍රිතව දක්නට ලැබේ. ඒ අනුව puntius nigrofasciatus (බුලත් හපයා) EN , puntius bimaculatus (ඉපිලකඩයා), Belontota signata (තල්කොස්සා),EN, rasbora vaterifloris (හල්මල් තිත්තයා) EN, Rasbora wilpita (විල්පිට දණ්ඩියා) EN, Puntius dorsalis (කටුපෙතියා) Puntius titteya (ලේ තිත්තියා) EN, Channa orientalis (කොළකනයා) ENආදී මත්ස්‍ය විශේෂ වාර්තා වන අතර ගාල්ල ජෛව විවිධත්ව සංගමය මඟින් මෙම ප‍්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණ අනුව වෙනත් සත්ව සහ ශාක ගණනාවක් හඳුනා ගෙන ඇති අතර හඳුනා නොගත් ශාක සහ සත්ව විශේෂ රැසක් මෙම පරිසර පද්ධතිය තුළ ඇත.

පරිසර විද්‍යාත්මකව රිලාගල සතු අගය දිස්ත‍්‍රික්කයට සේම මාතෘ භූමියට එක් කරන්නේ ප‍්‍රමාණය කළ නොහැකි අගයකි. ප‍්‍රදේශයේ ජල ව්‍යාපෘති 4 ක් පෝෂණය කරන්නේ ද ගොවිබිම් විශාල ප‍්‍රමාණයක් අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබා දෙන්නේ ද රිලාගල කඳු රක්ෂිතයේ ජලයෙනි. ඉතා කෙටි මාර්ගයකින් රිලාගල කඳු රක්ෂිතයේ ජලය මුහුදට බැස යනතෙක් පාලකයන් ඇස් කන් පියා බලා සිටිය දී දිස්ත‍්‍රික්කයේ සංවර්ධනයට රිලාගල ජල පෝෂිත කලාපය භාවිතයට ගැනීමට අදහසක් ඔවුනට නොවුණි. කන්ද පුරා විහිදී ඇති ගල කැබලි කර මිල කිරීම ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය වී ඇති අතර මාගා ආයතනය එම කොන්ත‍්‍රාත්තුව ඉටු කරමින් සිටී.

මෙම ප‍්‍රදේශය වනාන්තර හෙළි පෙහෙළි කිරීම සහ භූමි භාවිතයේ ඇති අවිධිමත් බව හේතුවෙන් නාය යාමේ අවදානම් කලාපයක් ලෙස 2014-12-25 දින භූ විද්‍යා හා පතල් කාර්යාංශය නම්කර ඇත. එමෙන්ම 2015 ඔක්තෝබර් මස 20 වන දින ගොඩැල්ල කන්ද නායයෑමට ලක් විය. ගැටමාන්න ඇල්දෙණිය ගොඩැල්ල කන්ද නායයාම හේතුවෙන් මේ වන විටත් පවුල් 3ක් ඉවත්කර ඇත. පුදුමයට කරුණ නම් මේ තතු සියල්ල දැන දැනම රිලාගල කඳු පන්තිය පාමුල සියලූ ජනයා අනතුරේ හෙළා මාගා ආයතනය 2016 අපේ‍්‍රල් මාසය තුළ රිලාගලයාය කන්ද ගල් සඳහා කැබලි කිරීම ආරම්භ කිරීමයි.

ධනය බලය අබියස ග‍්‍රාම නිලධාරීවරයාගේ සිට සියලූ ආයතන සහ ආයතන ප‍්‍රධානීන් මුණිවත රකිමින් මාගා ආයතනයට රැකවරණය සපයමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉතා වටිනා පරිසර කලාපයක් කැබලි කිරීමට ඉඩ ලබා දී ඇත. තව ද ඉන් නොනැවතී රිලාගල වැනසීමේ අවජාතක ක‍්‍රියාවට සුජාතභාවයක් ලබා දීම සඳහා පරිසරය රකින්නට තිබෙන ආයතන මැදිහත් වෙමින් සිටී. ලංකාවේ පරිසරය වැනසීමට බලපත‍්‍ර ලබා දෙන මධ්‍යම පරිසර අධිකාරිය මෙම විනාශය හමුවේත් මුනිවත රකින අතර ඒ සඳහා අවශ්‍ය බලපත‍්‍ර ලබා දීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇත.

ලංකාවේ පරිසර නීතිය සහ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධි විධාන කඩ කරමින් මාගා කොම්පැනියේ ලාභය තකා රිලාගල කඳු පන්තිය අනතුරේ හෙළා ඇත.

කුසට අහරත්, පවසට ජලයත්, ලෙඩට දුකට බේත් හේත්, මනසට ප‍්‍රීතියත් එකතු කළ රිලාගල කඳුයාය කැබලි කොට විකිණීමට විරුද්ධව විශාල ජන බලයක් බිමේ උපන් මිනිසුන් විසින් බලමුළු ගැන්විණි. මන්ද රිලාගල යාය සදාදරණීය මවක් සේ ජනහදවත්වලට දැනුණු බැවිනි. රිලාගල සුරැකීමේ පූජනීය අරමුණ ඇතිව පෙළ ගැසෙන ජන බලය බිඳ දැමීමට ප‍්‍රතිපත්තියක් නැති දේශපාලකයන්ගේ මැදිහත්වීම අපි රට පුරා අත්දකිමු. දකුණු පළාත් සභාවේ ප‍්‍රබල දේශපාලකයකු සහ පන්සලේ භික්ෂුව ද කැටුව සියලූ ජනතා අභිලාෂ පාවා දී මාගා ආයතනයේ සුජාතභාවය වෙනුවෙන් පෙනී සිටී.

තව ද නොනැවතී ගොඩනැගෙන විරෝධය මැඩපැවැත්වීමට විවිධ ප‍්‍රසාද පූජාවන් සිදු කරමින් සිටී. ප‍්‍රාදේශීය දේශපාලකයා සහ පන්සලේ භික්ෂුව ඇතුළු උගත් මහතුන් තවත් එක් මීරියබැද්දක්, අරණායක ප‍්‍රදේශයක් නිර්මාණය කිරීමට අත් උදව් දෙමින් සිටී. නාය ගිය ප‍්‍රදේශයේ සිට මීටර් 50ක් දුරකින් වරකට ටොන් 10කට තරම් විශාල ගල් ඇඹරිය හැකි ගල් කෂර් සවි කර රිලාගල කන්ද පහත් කිරීමට අවශ්‍ය සියල්ල සවිකර හමාරය. උල්පත් මරා කන්ද මරා දමනතුරු කෙලෙස බලා සිටිමුද? සැමගේ වගකීම නම් නූපන් හෙට දවස වෙනුවෙන් මේ සියල්ල සුරක්ෂිත කර තැබීමයි. ඒ සඳහා එක්ව අරගල කිරීම අද දවසේ අප සැමගේ වගකීම වේ.

Leave A Reply

Your email address will not be published.