රුසියාවේ මොස්කව් අගනුවර පුරා දැවැන්ත මහජන විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එලෙස විරෝධතාවයේ නිරත වන්නේ අත්අඩංගුවට ගෙන සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නිට පක්ෂපාතී රුසියානුවන් විසිනි.
අගනුවරට කඩා වැදුනු විරෝධතාකරුවන්ගෙන් 3,000 ක් පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතා රැල්ල සැලකෙන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව මෑත කාලයේදී සිදුකළ ප්‍රබල මහජන විරෝධතාවන්ගෙන් එකක් ලෙසයි. අගනුවරට රැස්වුණු විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් බැටන් ප්‍රහාර ද එල්ල කර ඇති අතර එහිදී තුවාල වූ විරෝධතා කරුවන්ගේ ඡායාරූපද විදෙස් මාඹ්‍ය එස්සේ වාර්තා කර තිබුනි.