topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි.

18157329_10154891380479130_4575319348167745817_n-01

ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ උතුර දකුණ නොඛෙදුනු සාමකාමී හා ස්ථාවර රටක් බව සෞඛ්‍ය ඇමැති පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නිර්මාතෘ එස්.ඡේ.වී චෙල්වනායගම් ගුණ සමරු උත්සවය සදහා එක්වෙමිනි. මෙම ගුණසමරු උත්සවය පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය කදිරේෂන් ශාලාවෙි දී පැවැත්විනි.
“මට චෙල්වනායගම් මහතාගේ භාෂාවෙන් කථා කරන්න බැහැ. ඒක තමයි ඛේදවාචකය. බ්‍රිතාන්‍යයන්ගේ භාෂාව පාවිචිචි කරමින් තමයි අද මට මෙම කථාව කරන්න සිද්ධ වෙන්නේ. මොකද මේක තමයි අපිට බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුන අධ්‍යාපන ක්‍රමය. සිංහලයින්ට දෙමළ කථා කරන්න සහ දමිළ ජනතාවට සිංහල කථා කරන්න බැහැ. එහෙම දමිල ජනතාව සිංහලයෙනුත් සිංහලයන්ට ද්‍රවිඩ භාෂාවෙනුත් කථා කරන්න පුළුවන් වුනා නම් අපේ රටේ මෙවැනි වාර්ගික ගැටළු පැනනැගීමට ඉඩක් ලැඛෙන්නේ නැහැ. චෙල්වනායගම් ගුණ සමරු උත්සවයේ දී එතුමා ගැන ගුණසමරු දේශනය සදහා ආරාධනය කිරීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.මෙි පිළිබදව කථා කිරීමට තවත් දමිළ හිතවතුන් හිටියත් මා හට ආරාධනය කිරීම ගැන මා ටි.එන්.ඒ නායක ආර් සම්බන්ධන් මහතා සහ සුමන්දිරන් මහතා ඇතුලු මෙම ගුණසමරුව සංවිධානය කළ සියළු දෙනාටත් නැවැත වතාවක් ස්තූතිවන්ත වෙනවා.”
“චෙල්වනායගම් මහතා කියන්නේ මෙි රටේ හිටපු විශිෂ්ඨ වගේම ශ්‍රේෂ්ඨ නායකයෙක්. මට මුලින්ම චෙල්වනායගම් මහතා දැක ගැනීමට ලැබුනේ පාර්ලිමෙින්තුවෙි දී. එවකට මම ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවෙක්. අපිට ඒ දවස්වල දේශපාලනය ගැන විශාල උනන්දුවක් තිබුනා. ඒ නිසා මමත් අපේ යාළුවන් කිහිප දෙනෙකුත් අමතර පංතිවලට නොගොස් පංතිවලින් එළියට ඇවිල්ලා පාර්ලිමෙින්තුවේ විවාද වලට සවන් දෙනවා. ඒ දවස්වල ඉතා වැදගත් වූ විවාදයන් පාර්ලිමෙින්තුවේ පැවැත්වුනා. විවිධ පක්ෂවල විවිධ නායකයින්ගේ කථා අහන්න මට විශාල කැමැත්තක් තිබුනා. මේ අතර වාමාංශික නායකයින් මෙන්ම ද්‍රවිඩ නායකයින් සහ සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ කථා මම අසා සිටියේ ඉතාම ආසාවෙන්. චෙල්වනායගම් මහතාගේ කථා වලට මම ඉතාම ඇලුම් කළා. ඒ දවස්වල පාසල් ශිෂ්‍යයෙකු ලෙස මා ඔහු තුලින් දුටුවෙි නිහතමානි, අහිංසක හොද මහත්මයෙකු සහ විශිෂ්ඨ දේශපාලනඥයෙකු ලෙසයි.”
“මා පාසල් ගියේ ආනන්ද විද්‍යාලයට එය සිංහල බෞද්ධ පාසලක්. පාසල තුල  සංස්කෘතිය තිබුනේ ජාතිකත්වයට මුල්තැන දෙමින්. එහි ජාතිකවාදී අදහස් බොහෝ සෙයින් පැතිරී තිබුනා. චෙල්වනායගම් මහතා ෆෙඩරල් ගැන කථා කරද්දි ඒ දවස්වල අපට තේරුනෙත් නැහැ. කැමැත්තක් තිබුනෙත් නැහැ. ඒ වගේම තමයි ෆෙඩරල් ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් තිබුනෙත් නැහැ. ඔහු පාර්ලිමෙින්තුවෙි දී කථා කළ ආකාරය ඉතාම ආකර්ශණීයයි. ඔහු සමග ඔහුගේ අදහස් හා දේශපාලන මතය පිළිබද ගැටුම් තිබුන අය පවා ඔහුගේ කථාවට සාවධානව ඇහුම්කම් දුන්නා. ඔහු කථා කලේ ඉතාම සෙමින්. ඊයර් ෆෝන් නැතිව කථාව අහන්න බැහැ. මොකද ඔහු ඉතාම සෙමින් කථා කළ නිසා. ඔහු ආවෙිගශීලි නායකයෙකුවත්, මිලිටරි නායකයෙකුවත් නොවෙි. බොහොම තැන්පත් විලාසයෙන් තමයි කථා කළේ. ඔහු පාර්ලිමෙින්තුව තුලට සෙමින් සෙමින් පියවර මනිමින් ඇතුල් වුනු ආකාරය මගේ සිතේ තවමත් මතකයේ ඇදී තිඛෙනවා. ඔහු තවත් කෙනෙකුගේ ආධාරයෙන් තමන්ගේ අසුනේ වාඩිගෙන විවාදවලට සාවධානව සවන්දෙමින් සහ එවාට සක්‍රීයව දායක වුනා. ඔහු 1977 දී අභාවප්‍රාප්ත වන විට දේශපාලනය පිළිබද ඉමහත් කළකිරීමෙන් සිටියේ. ඔහුට අවශ්‍ය වුනේ ද්‍රවිඩ ජනතාවට ගෞරවනීය ලෙස මෙම භූමිය තුල ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කර දීමයි. 1944 සිට 1977 දක්වා සැමුවෙල් ඡේමිස් වෙිලුපිල්ලේ චෙල්වනායගම් මහතා ද්‍රවිඩ ජනතාවගේ නායකයාව සිටියා. දමිළ ප්‍රජාව ඔහුව හදුන්වා දුන්නේ තාත්තෙයි කියා. තාත්තෙයි කියන්නේ සිංහලෙන් තාත්තා. මෙයින් ඔබට හැගෙන්නේ ඔහු කෙතරම් ද්‍රවිඩ ජනතාවගේ හදවත් වලට සමිීපව හිටියාද යන්නයි කියා. දේශපාලනයේ දී මෙවැනි තාත්තා යන වචනය ඇසීමට දේශපාලනඥයින් වන අපිට බැහැ. විශේෂයෙන්ම දේශපාලනඥයෙකු ජනතාවගේ ආදරය හිමි වන්නේ ඉතාම කළාතුරකින්.”
“මා නැවතත් සදහන් කරන්නේ චෙල්වනායගම් මහතාට අවශ්‍යව තිබුනේ ද්‍රවිඩ ජනතාවට ගෞරවනීය ලෙස ශ්‍රී ලංකා භූමිය තුල ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමයි. කවදාවත් චෙල්වනායගම් සහ ටි.එන්.ඒ පක්ෂයට වෙනම රාජ්‍ය සංකල්පයක් තිබුනේ නැහැ. ඊලමක් මෙයාලට අවශ්‍යව තිබුනේ නහැ. අවශ්‍ය වුනේ සාමකාමිව එකම රටක බලය ඛෙදීමක් පමණයි. ෆෙඩරල් කියන්නේ මොකක් ද, ෆෙඩරල් කියලා කියන්නේ බලය ඛෙදාහැරිමක්. බලය ඛෙදාහැරිම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ලක්ෂණයක්. මෙයින් එකම රටක විවිධ පළාත්වල විවිධ සංස්කාතින් යටතේ ජීවත්වන ජනතාවට ඔවුන්ගේ ජවිතය නිදහස් හා සාමකාමීව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙනවා. මෙහිදී කිසිදු අයුරකින් බලය ඛෙදාහැරිමක් මිස රට ඛෙදීමක් සිදු වන්නේ නැහැ. චෙල්වනායගම් කියන්නේ සාමය උදෙසාම ඉපදුන මනුෂ්‍යයෙක්.  ඔහුට අවශ්‍යව තිබුනේ ප්‍රචණ්ඩකාරි ලෙස ගැටළු විසදා ගැනීම නොව. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදා ගැනිමයි. ඔහුට අවශ්‍ය වුනේ දමිළ ජනතාවගේ ආත්ම ගෞරවයට හානි නොවන පරිදි ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාදයන් ලබාදීමටයි. ඒ නිසා තමයි බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරනු ලැබුයේ. 1957 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරිම හරහා දමිළ ජනතාවට අයිතිවාසිකම් දිනා දීමට ඔහු දැරූ ප්‍රයත්නය අතිවිශිෂ්ටයි.”
“තවද චෙල්වනායගම් 1957 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් ද්‍රවිඩ ජනතාවට අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුනේ නැති නිසා 1965 දී ඩඩිලි.සේනානායක සමග ගිවිසුමට ඇතුළත් වුනා. ඔහුට අවශ්‍ය වුනේ බලය ඛෙදාහැරීමක් තුළ ද්‍රවිඩ ජනතාවට සාධාරණ ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමයි. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට මෙතුමා තම විරෝධය පළ කළා. 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව එරෙහි වන චෙල්වනායගම් එහි ප්‍රතිඵලයක් ලෙස 1972 දී තම ආසනය කංකසන්තුරෙයි ආසනයෙන් ඉල්ලා අස් වුනා. ඉන් අනතුරුව එවකට පැවැති රජය එම ආසනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ අතුරු මැතිවරණය අවුරුදු දෙකක් කල්මරමින් සිට 1975 පෙබරවාරි මස පවත්වන ලදි. මෙහිදී චෙල්වනායගම් මහතාට සියයට 72 ක ජනවරමක් ලැබුනි. එය ද්‍රවිඩ ජනතාව තමන්ගේ නිදහස වෙනුවෙන් මෙම ඡන්දය භාවිත කර තිබුනි. මෙය ද්‍රවිඩ ජනතාවට වෙනම ප්‍රදේශයක් වෙන් කරවා ගැනීම සදහා ලබාදුන් ඡන්දයක්. නමුත් තවමත් ද්‍රවිඩ ජනතාවගේ ගැටළු සදහා තිරසාර හෝ සාධාරණ විසදුමක් ලබා දී නැහැ. පොරොන්දු ගිවිසුම් හා කේවල් කිරීම්වලට පමණක් අද එය සීමා වී තිඛෙනවා. ෆෙඩරල්වලට සහයෝගය ලබා දිය යුතුයි. නමුත් දකුණ ෆෙඩරල් යන වචනය හරියට තේරුම් ගත්තේ නැහැ. ඔවුන් එය තේරුම් ගත්තේ වෙනම රාජ්‍ය සංකල්පයක් ලෙස. ෆෙඩරල් පිළිබද කථා කළ යුතුයි. උතුරේ ද්‍රවිඩ ජනයාට පමණක් නොව දකුණේ සිංහල ජනතාවටත් ෆෙඩරල් අවශ්‍යයයි. මෙයට වගකිව යුත්තේ ප්‍රධාන පක්ෂ දෙක හා සාම්ප්‍රදායික වමේ පක්ෂ සාධාරණ විසදුමක් ද්‍රවිඩ ජනතාවට ලබාදීමට අපොහොසත් වීමයි. 80 දශකයේ දී පැවැති දේශපාලන වාතාවරණය නිසා මොණරාගල, අනුරාධපුර, මාතර ගාල්ල, බදුල්ල, හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්‍රික්කවල දේශපාලන නායකයින් විශේෂයෙන්ම බලය ඛෙදීම සදහා කථා කළ හා කටයුතු කළ නායකයින් තමුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු විය. විශේෂයෙන්ම බලය ඛෙදිම වෙනුවෙන් කථා කළ නායකයින් තමන්ගේ ජිවිත ප්‍රජා කළේ බලය ඛෙදීම පිළිබද කථා කල නිසාවෙනි. එසේ ජීවිත පුජා කර සාධාරණ විසදුමක් ලබාදීමට කටයුතු කළත් දකුණේ අපේ සිංහල ජනතාවට සත්‍ය අවබෝධ කර දීමට අපහසු වී තිඛෙනවා.  අපිට වැරදුනේ කොතන ද දකුණේ ජනතාවට ෆෙඩරල් යන වචනය තවමත් නිරවද්‍ය ලෙස ගම්‍ය වී නැහැ.”
 “1947 සිට 2017 දක්වා අවුරුදු 70 ක් බලය කොළඹට සංකේන්ද්‍රණය වී තිබුනා. සෝල්බරි ව්‍යවස්ථාව මෙන්ම පළමු හා දෙවන ජනරජ ව්‍යවස්ථා වලිනුත් බලය සංකේන්ද්‍රණය වී තිබුනා. නමුත් අපේ ජනතාවට තිරසාර සංවර්ධනයක් විශේෂයෙන්ම අපේ රටේ ඒ ඒ පළාත්වල සිටින අහිංසක දුප්පත් ජනතාවට සංවර්ධනය වීමෙි ප්‍රතිඵල ලැබුනේ නැහැ. උදාහරණයක් ලෙස බස්නාහිර පළාතේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රීක්කය සංවර්ධනය අතින් ඉන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රීක්කවලට පිටුපසින්. මෙය කියන්නේ අප නොවෙයි. මහ බැංකු වාර්තාවලට අනුව 2012 සහ 2013 බස්නාහිර පළාතේ ඒකපුද්ගල ආදායම රුපියල් 16,124 ක්. දකුණේ එය රුපියල් 10,973 ක්, උතුරු මැද පළාතේ රුපියල් 9,877 ක්. ඌව පළාතේ රුපියල් 9,382 යි. ඒකපුද්ගල දල දේශීය නිෂ්පාදිතය බස්නාහිර පළාතේ රුපියල් 771147 කි. දකුණේ රුපියල් 453714 කි. ඌව පළාතේ රුපියල් 446138 කි. සබරගමුව පළාතේ රුපියල් 392913 කි. බලය අවුරුදු 70 ක් තුල කොළඹට සංකේද්‍රණය වීම තුළ දකුණේ සිංහලයින්ටත්, උතුරේ ද්‍රවිඩ ජනතාවටත් සංවර්ධනයේ නියම ප්‍රතිඵල ලැබුනේ නැහැ. අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ සමාකාමි රටක්. අප දේශපාලය පාවිචිචි කළ යුත්තේ එයටයි.”
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් , විදේශ නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.