හැටන්කොටගල රොසිටා නගරයේ වෙළද සැලකට රැගෙන යමින් තිබු කසල තේ කිලෝ දෙදහක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද (24) අත්අඩංගුවට ගත් බව දිඹුල පොලිසිය පවසනවා.
මස්කෙළිය ප‍්‍රදේශයේ සිට ලොරි රථයකින් කොටගල රොසිටා නගරයේ වෙළදසැලකට කසල තේ රැගෙන එන බවට ලද තොරතුරක් මත දිඹුල පොලිසිය මගින් මෙම වැටලිම සිදුකර තිබෙනවා. එම කසල තේ ප‍්‍රවහානය කළ සැකකරුවන්ට කසල තේ තොගය ප‍්‍රවහානය කිරිම සදහා බලපත‍්‍රයක් නොතිබුණු බවයි දිඹුල පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කසල තේ තොගය හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බව දිඹුල පොලිසිය පවසයි.
හැටන් වාර්තාකරු- ඉන්දික රොෂාන්